hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 10, පෙ.ව. 7:52



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

පසු කාලීනව ඇයට ඇයව තේරුම් ගත්තු ආදරණීය හදවතක් මුණ ගැසුණා.

ඔහු නමින් මිලාන් සිල්වා.

ඔහු ගුවන් සේවය පැත්තෙන් රැකියාවක් කරන තරුණයෙක්.

මාදවීගේ පලවෙනි විවාහ ජීවිතය අසාර්ථක වීමෙන් පස්සේ ඇය නැවත සම්බන්ධතාවයක් ගැන හිතන්න නැති කාලෙක තමයි ඔහු ඇයගේ ජීවිතයට එන්නෙ.

කෙසේ නමුත් මේ දෙදෙනා කතාබහ කරලා අවසානයේ තීරණය කරනවා එකට ජීවත්වෙන්න නැවත වතාවක් විවාහ වෙන්න.

ඒ වන විටත් දෙදෙනාටම ආදරය ගැන විවිධ අත්දැකීම් තිබුනත් නැවත වතාවක් මේ දෙන්නා දෙපැත්තකට වෙන්න සූදානමින් කල් ගත කරනවා කියලා තමයි වටින් ගොඩින් ආරංචි වෙන්නේ.

මිලාන් සහ මාධවී දික්කසාද වෙලා කියලා මේ වෙද්දි කතා පුවත් නිර්මාණය වෙලා අවසන්.

ඒ සම්බන්ධයෙන් මාධවී ප්‍රකාශයක් කරා කියලත් සඳහන් වෙනවා.

කෙසේ නමුත් මිලාන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම තුළ මාධවී පිළිබඳව සෘජුව කිසි දෙයක් සඳහන් කරලා නැහැ.

නමුත් ඔහු පසුගිය දවසක හරි අපූරු පෝස්ට් එකක් තමන්ගෙ සමාජ මාද ගිණුම තුළ පළ කරලා තිබුණා.

ඔහු පළ කළේ පහත ආකාරය ආකාරය සටහනක්.

“මම දන්නවා වෙන්වීමේ දුක.නමුත් ඔබව තේරුම් නොගන්නා කෙනෙක් ඔබෙන් වෙන් වෙනවානම්  ඇත්තටම ඒක අහිමිවීමක් නොවෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: