hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 03, පෙ.ව. 9:13



නදීක කරුණානායක, තිළිණි පෙරේරා වගේම ළහිරු මුදලිගේ කියන හඩ අපිට හොදටම හුරුපුරුදුයි.

ඒ ගැන අපි අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැ.

ළහිරු ආයේ ස්වර්ණවාහිනී නාළිකාවේ හිත ඉල්ලන තරු වැඩසටහන මෙහෙයවනවා කියන ආරංචිය අපි ඔබට කිව්වා මතක ඇති.

ඒ වගේම නදීකයි තිළිණියි ආයේ රූපවාහිනී නාලිකාව එක්ක සම්බන්ධ වුණා කියන ආරංචියත් අපි ඔබට කිව්වා.

ඔවුන් තිදෙනාගේම ආදරණීය සහෘදයෙක් වන හරීන්ද්‍ර ජයලාල් ඔවුන්ගේ අලුත් ආරම්භය ගැන සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

මේක හිත ඉල්ලන ප්‍රවෘත්තියක්
මගේ ජීවිතේ ළඟින්ම ඉන්න ආදරණීයයන් තුන්දෙනෙක්ම අලුත් අවුරුද්දෙ අලුත් විදිහට තමන්ගෙ වටිනාම හැකියාවන් යළි ඉස්මතු කරන්න පටන් අරන්
මුලින්ම අද පටන් ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කරන ආදරණීය නදීක සොයුරාටත්,තිළිණි සොයුරියටත් හදවතින්ම සුබ පතමි
නිවේදනයට අති දක්ෂ ඔබ දෙපල ප්‍රවෘත්ති නොකියා ඉන්න එක “ජාතික අපරාධයක්”. ඒක හින්දා ආයෙත් ඔබ දෙදෙනාම ප්‍රවෘත්ති කියන්න පටන්ගන්න එකත් ඇත්තටම “ජාතික ප්‍රවෘත්තියක්”ඒක සැබවින්ම විය යුත්තක්..ජයම වේවා අති දක්ෂයො දෙන්නටම
ඒත් එක්කම මට තවත් සහෝදරයෙක් වගේ ඉන්න ළහිරු මුදලිගේ අලුත් අවුරුද්දේ මුල්ම දවසෙ ආයෙත් අවුරුදු හතකට පස්සෙ ඔහුගෙ මාධ්‍ය මහගෙදර ස්වර්ණවාහිනියෙන් දෙවෙනි ගමන පටන් ගත්තා. එදා “හද රැඳි පැයෙන්” වින්දනාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීමේ brand එකක් වුණ ළහිරු මෙදා “හිත ඉල්ලන තරු” එක්ක අලුත් අවුරුද්දෙ අලුත් විදිහට වැඩ ඇල්ලුවා. මේ දෙවෙනි ගමන සුබම ගමනක් වේවා මල්ලි
ජීවිතේ හැමදාම ළඟින්ම ඉන්න තුන් දෙනෙක් ආයෙත් හොඳම විදිහට හොඳම වැඩවලට බැහැලා. ඒක ඇත්තටම පුදුමාකාර සතුටක්
Nadeeka Karunanayaka Lahiru Mudalige Thilini Perera







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: