hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 17, ප.ව. 7:19



ඊයේ (16) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව හරහා ෆේස්බුක් ලයිව් ඔස්සේ ජනතාව හමුවට පැමිණියා.

එහි දී මන්ත්‍රීවරයා ජනතාව ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට ද කටයුතු කර තිබුණා.

නමුත් එහි දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනතාවගෙන් ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිචාරයක්.

කෙසේවෙතත් මන්ත්‍රීවරයා අද සිය මුහුණුපොතේද ඒ සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණා.

අද මන්ත්‍රීවරයා එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ජාවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් වගේම ඉදිරි මැතිවරණයට සිය පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා සිය මුහුණුපොතේ පළ වූ කමෙන්ට්ස් සම්බන්ධයෙන් කියා සිටියේ “ඉතින් නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබ්බා. හැබැයි මම හිතන්නේ නිවන් සුව කියන එකේ තේරුම දන්නේ නැති අය තමයි බොහෝ අය දාලා තියෙන්නේ. ඉතින් අපේ ආච්චි නම් කියන්නේ ඔක්කොම අපල දුරු වුණා කියලා.” යනුවෙනුයි.

මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවනේ නාම යෝජනා ලබා දීමට තරුණ උදවිය උද්යෝගයකින් ඉදිරපත් වෙන බවද කියා සිටියා,

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා,

“නීත්‍යානුකූලව මැතිවරණය තියන්න ඕනේ. මොකද ඒක තමයි මැතිවරණ කොමසාරිස්තුමාට තියෙන නීතිය. ඉතින් නීතියට අනුකූලව මැතිවරණය තියන්න ඕන. හැබැයි ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව තීන්දු කරන්න ඕනේ මේ වෙලාවේ ආර්ථික වශයෙන් ඡන්දේ තියන්න පුළුවන්ද බැරිද කියලා. නෑ මම හිතන්නේ ඉතාමත් හොඳ එන්ගේජ්මන්ට් එකක් තිබ්බා. මොකද විශේෂයෙන් ෆේස්බුක් ලයිව් ගියාම, පන් හයදාහක් බලනවා හරි අඩුයිනේ. ඒවගෙන් කමෙන්ට් පනස්දාහක් විතර තියෙනවා. හැබැයි මං හිතන්නේ අපි දේශපාලනඥයෝ විදිහට අපි කළ යුත්තේ එන්ගේජ්මට් වෙන එක. දැන් පහුගිය කාලේ අපි නොකළේ ඔය කාරණය. ඉතින් නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබ්බා. හැබැයි මම හිතන්නේ නිවන් සුව කියන එකේ තේරුම දන්නේ නැති අය තමයි බොහෝ අය දාලා තියෙන්නේ. ඉතින් අපේ ආච්චි නම් කියන්නේ ඔක්කොම අපල දුරු වුණා කියලා.

බහුතරයක් ප්‍රාදේශීය සභා අපි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසක් තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි අපේ මන්ත්‍රීවරු ගමේ වැඩ කරලා තියෙනවා. අපි ආණ්ඩුවක් විදියට අඩුපාඩුකම් අපේ ඇති. දැන් විශේෂයෙන් පොහොර සහනාධාරයේ තීන්දුව ගත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නෙමෙයිනේ. ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමා ආණ්ඩුව විදිහට ගත්ත තීන්දුවක්. හැබැයි මන්ත්‍රීවරු ගමේ වැඩ කරලා තියෙනවා. බහුතරයක් ගම්වල වැඩ කරලා තියෙනවා නම් වැඩ කරලා තියෙන්නේ වමේ, නැත්නම් පොහොට්ටුව ප්‍රමුඛ ආණ්ඩුවකින්. ඒ එක්කම අපට විශ්වාසයක් තියෙනවා අපේ පාක්ෂිකයෝ අපිත් එක්ක ගම තුළ හිට ගනියි කියලා. ඔය නොමිනේෂන් තමයි මම හිතන්නේ හැම දේශපාලන පක්ෂය අමාරුම කාරණය. මොකද හැම කොට්ඨාශයෙන්ම එක්කෙනෙක්ම කොට්ඨාශ ක්‍රමය හින්දා. එක්කෙනෙක්, දෙන්නෙක් හැමතැනම ඉදිරිපත් වෙනවා. ඉතින් වෙනදාට වගේම උද්යෝගයකින් පොහොට්ටුවෙත් තරුණ අය. විශේෂයෙන්ම යෞවන සමාජ හිටපු අය, තරුණ පාර්ලිමේන්තුවේ හිටපු අය මේ පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න අත්සන් කරලා තියෙනවා.

එතුමා මුදල් අමාත්‍යවරයා. එතුමා තමයි ඒ පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ. අපිට ඒ තීන්දුව ගන්න බෑ. ඉතින් අ මං හිතන්නේ මැතිවරණය තියෙනවද නැද්ද කියන එක පිළිබඳව මැතිවරණ කොමසාරිස්ට තියෙන්නේ නීත්‍යානුකූලව කටයුතු කරන එක. අපිට තියෙන්නේ මැතිවරණයට සූදානම් වෙන එක දේශපාලන පක්ෂයක් විදිහට. ඉතින් මුදල් අමාත්‍යංශයේ සහ ආණ්ඩුව ඒ තීන්දුව ගන්නවා. මගේ පෞද්ගලික මතය තමයි ජනතාවට අවස්ථාව දෙන්න ඕනි. ඔවුන්ට ඕන අය තෝර ගන්න. මොකද ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදීව සිස්ටම් එක. දැන් මේ සිස්ටම් එක ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණයෙන් ආණ්ඩුව එන එකනේ. ඉතින් යම්කිසි ජනතාවගේ වෙනසක් අවශ්‍ය නම්, ඒ අයට අරගල කරලා වෙනසක් හොයන්න බැහැ. දැක්කනේ ඒකෙ වෙනසෙ ප්‍රතිඵල. ඉතින් ඒ හින්දා ඡන්දෙකින් ඕන වෙනස ගේන්න. ඉතින් මම හිතනවා පෞද්ගලිකව ඡන්දයක් තිබීම සුදුසුයි කියලා. හැබැයි මේ තියෙන ආර්ථික තත්වයත් එක්ක වර්තමාන රටේ තියෙන තත්වයත් එක්ක, ආර්ථික වශයෙන් කොතරම් දුරට ඒක දරාගන්න පුළුවන්ද කියන එක රජය තීන්දු කරන්න ඕන.

මොකද අපි නිදහස් උත්සවයටත් මිලියන දෙසීයක් වියදම් කරනවා නම්, අපිට ඡන්දයක් මුදල් වෙන් කරන්න බැරි කමක් නැතුව ඇති නේ. සමාජ මාධ් ය කියනවා එක කාලයක් කිව්වනේ ඔය දියවන්නාවේ ගිලෙන්න ඕනේ කියලා. ගංවතුර ගන්න කාලෙට. ඉතින් සමහර වෙලාවට මේ වගේ කාලසීමාවක් අපි ඡන්දයක් තියන්න මුදල් නෑ. මං හිතන්නේ ඒක රජය තීන්දු කරන්න ඕනේ ඒකයි මං කියන්නේ. ඉතින් මේ වෙලාවේ සුදුසුයිද කියන කාරණය. එක පැත්තකින් හැත්තෑ පස්වෙනි නිදහස් උත්සවය. ඉතින් ඒක සංකේතාත්මක නිදහස් උත්සවයක්. සහ බ්‍රිතාන්‍ය රජ පවුලත් එක්ක සම්බන්ධ වෙලා සංවිධානය කරන උත්සවයක්. ඉන්දියාව පහුගිය අවුරුද්දේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කරා. හ්ම්. ඉතින් සමහර කමින්ට්මන්ට්ස් තියෙනවා අපිට මගාරින්න බැරි. මොන අර්බුදය ආවත්. ඉතින් එවැනි කමින්ට්මන්ට්ස් එකක් තමයි මේ නිදහස් උත්සවය. හැබැයි ඒකට මෙතරම් වියදම් කරනවද නැද්ද කියන එක තීන්දුවක් ගන්න ඕනේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: