hit counter

2025 පෙබරවාරි මස 12 වන බදාදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 9:36



කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බවට ලද පැමිණිල්ලකට අනුව දූෂණ විරෝධී පෙරමුණේ මෙයෙහුම් අධ්‍යක්ෂ නාමල් කුමාරව වරකාපොල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරව පුටුවක බැඳ සිටින අයුරු දැක්වෙන රූප රාමු පෙළක්ද මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එහි දැක්වෙන්නේ නාමල් කුමාර තමන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බව පවසමින් කාන්තාවක් ඔහුට බැන වදින ආකාරයයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, කාන්තාවක් වරකාපොළ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව නාමල් කුමාරව අත්අඩංගුවට ගෙන වාරකාපොළ රෝහලට ඇතුළත් කළ බවයි.

එම කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත්තේ නාමල් කුමාර තම නිවස තුළට පැමිණ තමන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බවයි.

අනතුරුව තමන් නාමල් කුමාර නිවස තුළ සිට පිටතට ඇදගෙන විත් ගසක ගැට ගසා පහරදුන් බව ද ඇය පොලිසියට පවසා තිබෙනවා.

පොලීසිය පැවසුවේ පසුව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු ද නාමල් කුමාරට පහරදී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: