hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:02



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

මධුමාදවගේ ආදරණීය සොහොයුරා තමයි ධනංජය සිරිවර්ධන.

ධනංජය ගැන පසුගිය දිනෙක පැවැත්වුණු වැඩසටහනකදී නිල්මිණි මේ විදිහේ සංවේදී කතාවක් කිවුවා.

‘මම කියන්නෙ සුදු මල්ලි කියලා. මෙයා සුදු බෝලයක් වගේ මං ගෙදර යනකොට.. මම ගියේ 94 මෙයාගේ ගෙදර… එතකොට මෙයා ස්කූල් ඇරිලා ඇවිත් හිටියා. කර්ටන් එකෙන් එකපාරම බලලා සප්‍රයිස් වුණා මට මතකයි. එදා ඉඳන් මම සුදු මල්ලිට හරි ආදරෙයි. අම්මටයි තාත්තාටයි දෙන්නටත් එහෙමයි. මේකා රස්තියාදු ගගහ ඉන්නකොට මම කිවුවා, අනිවාර්යෙන්ම රඟපාන්න දාන්න කියලා. තාත්තාගේ නේත්‍රාංජලී නාට්‍යයටම දැම්මා….’

ඒකට ‘උත්තරයක්’ විදිහට, ධනංජයත් ආදරණීය මතක අවදි කර තිබුණා.

‘අක්කා ඉතින් අක්කම තමයි. ඒ දවස්වල හිටපු ජනප්‍රිය ම නිළිය. ‘දීප්ති’ කිවුවම හැමෝම දන්නවා. ඒ තරම් හදවත්වලට කතා කරපු චරිතයක්. දීප්ති කට් එකක් එහෙමත් ආවනේ. මෙයා ආවම මම දැක්කේ දීප්ති අක්කා විදිහට. මම පොඩී ඇත්තටම. මම දන් නෑනේ ඔය හුටපට. අයියට වඩා ගොඩක් බාලයිනේ මම… පස්සෙ අපේ අයියා එක්ක විවාහ වෙනවා. ඊටපස්සෙ ස්වේතා හම්බෙනවා…..’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: