hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:51



හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙක් පාසලෙන් ඉවත් වි 2021 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලිකව පෙනි සිට ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවා.

හැටන් විල්ප්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි බොරල ලියනගේ උජිත චිත්මාල් ඉරංජින් සිසුවා වසර 08කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා 2016 වසරේ දිවයිනට පැමිණ ඇති එම සිසුවා ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයෙන් පහේ ශිෂ්‍යත්වයට පෙනි සිට එම විභාගයෙන්ද 169 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වි තිබෙනවා.

එම සිසුවා ඉන් අනතුරුව 9 වසරේ සිට හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ මුල් කාර්තුව දක්වා අධ්‍යාපනය ලබා 2021 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට ප්‍රථම පාසලෙන් ඉවත් වි එම විභාගයට පෞද්ගලිකව පෙනි සිටිම සදහා අයදුම් කර තිබෙනවා.

උජිත චිත්මාල් ඉරංජින් සිසුවා කියා සිටියේ

“මගේ තාත්තා ගණිත ගුරුවරයෙක්. මව හැටන් ගේබ්‍රියල් පාසලේ ඉංග්‍රිසි ගුරුවරියක්. මට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. අක්කා 2023 වසරේ අපොස උසස්පෙළ පෙනි සිටින්න සුදානම් වෙනවා. මම දෙමව්පියන්ට කිව්වා නියමිත කාලයට ප්‍රථම අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනි සිටින්න ඕනි කියලා. රජයේ පාසලක අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට අධ්‍යාපනය ලබමින් සිටියදි පෞද්ගලිකව විභාග අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටින්න බැරි නිසා මම පාසලෙන් ඉවත්වෙලා අපොස සාපෙළ විභාගයේ සියළුම විෂය නිර්දේශයන් සම්පුර්ණයෙන්ම ආවරණය කරලා විභාගයට පෙනි සිටියා. ඒ සදහා මගේ ගුරුවරුන්ගෙනුත්, මගේ දෙමව්පියන්ගෙන් සහ සහෝදරියන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මගේ කැපවිම, උනන්දුව, අධිෂ්ඨානය තිබුණ නිසා මගේ තාත්තයි අම්මයි මට උපරිම සහයෝගය ලබා දුන්නා.

ඒ අනුව තමයි මම පාසල් සිසුවෙක් වශයෙන්  2022 වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනි සිටිමට ප්‍රථම 2021 වසරේ පෞද්ගලිකවම විභාගයට පෙනි ඉදලා විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගත්තේ. කැපවිමයි, උනන්දුවයි , අධිෂ්ඨානයයි තියෙනවානම් ඕන කෙනෙකුට මේ වගේ කරන්න පුළුවන්. 2023 වසරේ මම අපොස උසස්පෙළ විභාගයට ජිව විද්‍යා අංශයෙන් පෙනි සිටින්න සුදානම් වෙනවා. මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන්න.”

එම සිසුවාගේ මව වන ඉන්දිකා සුදර්ශනි කියා සිටියේ.

“මමයි මගේ මහත්තයයි දෙන්නම ගුරුවරුන්. මහත්තයා දැන් ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු වල නියැලි සිටිනවා. මගේ ළමයි තුන්දෙනා ඉගෙන ගන්න හරිම දක්ෂයි. දෙමව්පියන් වශයෙන් එම දරුවන් තිදෙනාගේ දක්ෂතාවයන් හදුනාගෙන ඒ අනුව ඉදිරියට යන්න අපි කටයුතු කලා. මගේ පුතා විශිෂ්ඨ ලෙස අපොස සාමාන්‍යපෙළ විභාගය සමත්විමට රජයේ පෙලපොත් සම්පුර්ණයෙන්ම පරිශිලනය කරා. ඊට අමතරව බාහිර පන්ති වලට සහභාගි වුණා. එයාට ඉගැන්විම් කටයුතු සිදු කර සියළුම ගුරුවරුන්ද පුතාගේ දක්ෂතාවය හදුනාගෙන ඔහුට උදව් කලා. මෙවැනි දක්ෂ දරුවෝ රටේ ඕනි තරම් ඉන්න පුළුවන්. ඒ අයට නියමිත කාලයට කලින් විභාගයට පෙනි සිටින්න නිතියෙන් ඉඩක් නැහැ. හැබැයි පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන්ට එම අවස්තාව තියෙනවා. ඒ අනුව එම නිතිමය ගැටළුව විසදා දිමට රජයේ වගකිය යුතු නිලධාරින් කටයුතු කලහොත් අධ්‍යාපනයට දක්ෂතා ඇති දරුවන්ගෙන්  රටට විශාල සේවාවක් ලබා ගන්න පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: