hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 17, පෙ.ව. 11:35



බන්ධනාගාර ගතව සිටින ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී නමැති අපරාධකරුගේ, මවගේ උපන් දිනය සමරමින් පාතාලයේ අපරාධකරුවන් රැසකගේ ද සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ පිහිටි හෝටලයක සාදයක් පවත්වා ඇති බවට කරුණු වාර්තා වනවා.

මේ සාදය පවත්වා ඇත්තේ පසුගිය සතියේ බවයි එම තොරතුරු අනුව සඳහන් වන්නේ.

තම මවගේ උපන්දින සාදය සඳහා සම්පූර්ණ වියදම් දරා ඇත්තේ පොඩි ලැසී බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය වී ඇති බව ද කරුණු වාර්තා වනවා.

සාදය පැවති දින පොඩි ලැසී විසින් බන්ධනාගාරයේ සිට නිකුත් කළ පණිවුඩයක්ද කියවා ඇති බව බුද්ධි අංශ පවසනවා.

පොඩි ලැසීගේ මවගේ උපන් දිනය වෙනුවෙන් ඔහු විසින් පවුම් 15ක රන් මාලයක්ද තම මවට තෑග්ගක් ලෙස ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: