hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 12, පෙ.ව. 12:00



ඇමති ප්‍රසන්න රණතුංග සුරූපී තරුණියක් සමඟ හරි හරියට නර්තනයේ යෙදෙන වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්‍ය වල යනවා.

තරුණ මන්ත්‍රීවරු ටිකක් පාර්ලිමේන්තුවේදී මේක බල බල ඉන්න කොට ඇමති ප්‍රසන්න රණතුංග ඒ පැත්තට ආවා.

“සර් අර නැටුම ලස්සනයි” එහෙම කිව්වේ මන්ත්‍රී සහන් ප්‍රදීප්.

“සර් අපේ පාටිවලට ඇවිල්ලා නටනේනේ නෝනා එක්ක. හැබැයි මෙතන ඉන්නෙ වෙන කවුද, කවුද සර් ඒ ලස්සන කෙල්ල” කෝකිලා හර්ෂණි මන්ත්‍රීතුමිය එහෙම ඇහුවා.

“සර් මෙහෙම ලස්සන ගෑනූ ළමයි එක්කට නටනකොට අපි පවුනේ සර්… අපිට අපි ගැනම දුක හිතෙනවා” යනුවෙන් තවත් මන්ත්‍රීවරයෙක් කියද්දි ඇමති ප්‍රසන්න සිනාමුසු මුහුණින් ප්‍රතිචාර දක්වන්නට වුණා.

“ඔය නිශාන්ත අයියගේ දුව, සෙනුරි” අමාත්‍යවරයාගේ පිළිතුර දී තිබෙනවා.

“අනේ මේ බොරු කියන්න එපා සර්” කෝකිලා නම් මේ කතාව පිළිගත්තෙම නැහැ.

“ඕක මේ වීරවිල පැත්තේ තිබුණු පරණ වෙඩින් එකක පරණ වීඩියෝ එකක්. අපේ දුව ඉන්ස්ටග්රෑම් එකේ දාලා තිබුණා. මේ ජේ. වී. පී මඩ බලකාය එයාලගේ පේජ්වල ගහලා වයිරල් කළේ ඒ ඉන්ස්ටග්රෑම් එකෙන් අරන්. පවුලේ හිතවත් අයෙක්ගේ වෙඩින් එකකදී බාප්පටයි දුවටයි නටන්න බැරිද?හා නැද්ද හා” යනුවෙන් ප්‍රසන්න අමාත්‍යවරයා පිළිතුරු දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: