hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 3:19



භාතිය – සන්තුෂ් කියලා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය වගේම අති දක්ෂ ගායකයන් දෙදෙනෙක්.

ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ සජීවී ප්‍රාසාංගික අත්දැකීමක් ලබා දීමට භාතිය, සන්තුෂ්, උමාරියා සහ රන්දීර් සුදානමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ 2022 ඔක්තෝබර් 15 වෙනිදා පස්වරු 7.00 සිට Millennium Airport Hotel එළිමහන් පරිශ්‍රයේදී පැවැත් වීමට නියමිත ප්‍රසංගයකදීයි.

ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සූදානමින් පවතින බවයි වාර්තා වන්නේ.

එම ප්‍රසංගයේ සංගීතය සපයනු ලබන්නේ 2FORTY2 කණ්ඩායම විසින්.

එම ප්‍රසංගය සඳහා සහභාගී වීමට සඳහා භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, උමාරියා සිංහවංශ සහ රන්දීර් Pullman Dubai Creek City Centre වෙත මේ වන විටත් පැමිණ ඇති බවත් එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබී ඇති බවත් වාර්තා වෙනවා.

https://streamable.com/kimv3r




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: