hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 3:20



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරන තරු අතර පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලි විශේෂයි.

ඔවුන් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් සමාජ මාධ්‍යවල පළ කළ සටහන් සහ වීඩියෝපට නිසා මේ දෙදෙනා ගැන මේ වෙද්දි ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවදානය යොමුවෙලා තියෙන්නේ.

කොහොම වුණත් ඊයේ සහ පෙරේදා යන දින දෙක තුල තිබුණු මේ රණ්ඩුව මේ වෙද්දි නම් ටිකක් අඩු වෙලා.

පියුමි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා ඇගේ පෙම්වතා පියුමි එසේ බැන තිබූ සටහන් සියල්ල මකා දැමූ බව.

එපමණක් නෙමෙයි ගෑණුන්ට බැන බැන ඉන්නේ නැතිව තමාට තේ එකක් හදලා ගෙනත් දෙන්න කියලාත් පියුමිගේ පෙම්වතා කියා තිබුනා.

පහත දැක්වෙන්නේ පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ස්ටෝරීස් ලෙස පල කල එම සටහන්…

“බලන්න ඉතින් මට වෙච්ච වැඩේ… මහත්තයා තේ එකක් හදල දෙන කිව්වා. උඹ දන්නේ ගෑනු එක්ක රණ්ඩු කරන්න විතරයි කියලා. හැම තිස්සේම ගෑණුන්ට බැන බැන පෝස්ට් දදා මොකද්ද මේ ජීවිතේ කියලා ඇහුවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: