hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 13, පෙ.ව. 8:09



රහල් අල්විස් කියලා කියන්නේ නව ගායන පරපුරේ සිටින ජනප්‍රියම ගායන ශිල්පියෙක්.

සිතට හොරා මන් ඔබේ වෙලා දැන් කියන ගීතය ඔස්සේ අතිශය ජනාදරයට පත් වූ රහල්ට කෙතරම් කල් ගියත් තවමත් ඒ ගීතයට රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්.

ඒ තරමටම හදවතට සමීප වෙමින් ඔහු එම ගීතය ගායනා කරනු ලබනවා.

ඊට පසු ඔහු තවත් ගීත ගණනාවක්ම ගායනා කරනු ලැබු අතර ඒවාට ද ඔහුට රසික රසිකාවියන්ගෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.

ඉතිං ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දිනකදී රහල් අල්විස් එක්තරා යුවතියක් සමග යුග දිවියට එළඹුණා.

ඉතින් ඒ සඳහා කලා ලොවේ බොහෝ කලාකරුවන් සහභාගි වී සිටි බව අපට දැකබලා ගන්නට පුලුවන් වුනා.

මේ අතර, රහල්ගේ එක්තරා ඡායාරූපයකට රසිකාවියක් දාපු කමෙන්ට් එකකට ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණා.

“ඔයිට වඩා ලස්සන කෙල්ලෙක්නම් බදින්න තිබ්බ වයසයි වගෙ ගොඩක් රහල්ට වඩා” යනුවෙනුයි එහි සටහන්ව තිබුණේ.

රහල් ඒ ‘කමෙන්ට්’ එකට පිළිතුරුත් දීලා තිබුණේ මෙහෙමයි..‍

“රූපය කියන දේ තාවකාලිකයි ..

හෙට නැති වෙන්නත් පුලුවන් ..

ඒත් කෙනෙක්ගේ හදවතක ලස්සන කවදාවත් ම නැති වෙන්නෙ නෑ ..

තාවකාලික රූපයට වඩා සදාතනික හදවතට ආදරෙයි මන් !”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: