hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 28, පෙ.ව. 8:09



රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.

ඉතින් රංගන කරපු අලුත් වැඩේ ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

ඉතින් මේ LUX ආදරණීය නත්තල with Rangana කියන නත්තල් වැඩසටහනට කලා තරු ගොඩක් ඇවිත් හිටියා.

එහිදී හරි අපූරු සිදුවීම් රැසක්ම සිදු වුණා.

ඉතාමත් සාර්ථකව පැවති රංගනගේ මේ නත්තල් පාටිය දවසේ ඔහු කවදාවත් නැතුව ඇස් දෙකේ කදුළු පුරවාගෙන එක්තරා කලාකරුවෙක් ආදරෙන් සිහිපත් කළා.

ඇත්තටම ඔහු ඒ වෙලාවෙ ඇඬුවා.

හඬමින් රංගන ඒ සුන්දර කලාකරුවා ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මට දරාගන්න බැරි කඳුළක් ආවොත් මම ඒ කඳුළ හලනවා. මාධ්‍ය ක්ෂේත්රයේ මාව මේ තැනට ගේන්න  මාව ඔසවා තබන්න ඔබ වගේම තවත් සුවිශේෂී චරිතයක් හිටියා. මම ඒ චරිතය වෙනුවෙන් මේ කඳුල අද හලනවා. මම ඒක  නතර කරගන්න සූදානම් නැහැ. නාළිකාවකින් තවත් නාලිකාවකට මාරු වුණු වෙලාවේ වැඩ කටයුතු කරන්න මට ඔහු ශක්තිය දීපු ආකාරය මැවි මැවී පේනවා. මාව වැජඹුවා. මාව ඉහළටම අරගෙන ආවා. ඒ තමයි ආදරණීය  ජැක්සන් ඇන්තනී කලාකරුවා. මගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂී දෙයක් කරපු සුවිශේෂී චරිතයක් තමයි ඔහු. අපි සියලුම දෙනාට ඔහුට ඉතාමත් ඉක්මනින් සුවය ලැබෙන්න කියලා යළි යළිත් පාර්ථනා කරන්නමු. ඒ අඩුව කාටවත් සම්පූර්ණ කරන්න බැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: