hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 09, පෙ.ව. 7:48



රංගන ද සිල්වා කියලා කියන්නේ මනස්සුකම සපිරුණු ආදරණීය නිවේදක ශිල්පියෙක් කිවුවොත් බොහෝ දෙනෙක් එයට එකඟවෙනවා.

ඔහු ස්වර්ණවාහිනි නාලිකාවේ දේශපාලන වැඩසටහන් වගේම, හිත ඉල්ලන තරු වැනි ජනප්‍රිය කලා වැඩසටහන්ද, උදෑසන ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනද මෙහෙයවනු ලැබුවා.

ඉතින් ඔහු කලා කරුවන් බොහොමයක් සමඟ ඉතාම සුහදව කටයුතු කරන ආදරණීය චරිතයක්.

ඔහු විසින් මීට ටික කාලයකට පෙර හිත ඉල්ලන තරු වැඩසටහනට කැදවලා තිබුනේ දශක ගණනාවක සිට අදටත් එක ලෙස ආදරෙන් සතුටින් ජීවත් වෙන ආදරණීය කළා යුවලවල් තුනක්.

ඉතින් මේ අතර අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වන සුසිලා කෝට්ටගේ සහ ඇයගේ ආදරණීය සැමියාත් එකතුවෙලා හිටියා.

ඉතින් මේ වැඩසටහන අතරතුරේදී සුසිලා කෝට්ටගේ මහත්මිය එක පාරටම අසනිප තත්වය හේතුවෙන් නැගිට සිටීමට බැරි වෙනවා.

ඒ අවස්ථාවේ නිවේදන ශිල්පී රංගන සජීවී වැඩසටහන අතරේදීම පුටුවක් ලබා දෙනවා.

එවිට ඇය පරණ සිදුවිමක මතකයන් අවදි කලේ මෙලෙසින්,

“කොරෝනා පළ‍ෙවනි රැල්ල වෙලාවෙදි ‍‍මගේ හෘද රෝගයට ගන්න බෙහෙත් පෙත්තක්වත් නෑ. එහෙන් දිගටම ඇඳිරි නීතිය. මේ වෙලාවේ අපේ දුකසැප අහන්න රංගන මල්ලි කතා කරනවා ඒ වෙලාවේ මගේ මහත්තය ඒ විස්තරය කියලා පුළුවන් නම් බෙහෙත් පෙති 5ක් විතර ගෙනත් දෙන්න කීවා. කව්රුවත් එළියට බහින්නෙවත් නැති වෙලාවක රංගන මල්ලි ලොකු වියදමක් කරලා අපි දෙන්නගේම බෙහෙත් ටික මාසෙකටම ගෙනත් දුන්නා.ඉතින් මේ තමයි අපි ලබපු සම්පත්.”

කෙසේවෙතත් මේ වන විට රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: