hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 12, පෙ.ව. 3:52



රංගන ද සිල්වා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ නිවේදකයෙක්.

හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනා ගත් රංගන පසුකාලිනවා හිරු නාලිකාවෙන් ඉවත් වෙනවා.

හිරු නාලිකාවෙන් ඉවත් වූ රංගන පසුව ස්වර්ණවාහිනී නාලිකාව හා සම්බන්ධ වෙනවා.

ඔහු එහි හිත ඉල්ලන තරු වැඩසටහන මෙහයවුවා.

එයටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා.

කෙසේවෙටත් මේ වෙන විට රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කරලා.

රංගනද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන්නට ආවේ ඔහුගේ බිරිය වන ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා නිශාන්ති දිල්රුක්ෂි මහත්මියද සමගින්.

එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

“අසත්‍ය ප්‍රචාර පතුරුවා තිබෙනවා ඩිජිටල් මාධ්‍ය කිහිපයක් ඔස්සේ යූ ටියුබ් නාලිකා සහ සමහර ෆේස් බුක් නාලිකා මගින්. ඉතාම නින්දනීය පහත් විදියට මගේ බිරිදවත් ඈදාගෙන අසත්‍ය ප්‍රචාර කරලා තියෙනවා. නිහඩව හිටියා නතර වේවි කියලා. ඒත් එහෙම නොවුණ නිසා තමයි පැමිණිල්ලක් කරන්න ආවේ. අසත්‍යය නිවැරදි කරන්න හා ආරක්ෂාව වෙනුවෙන් තමයි සීඅයිඩී පැමිණිල්ල කරන්න ආවේ. අපි මාධ්‍යයේ කරන දේවල් රේටින් අතින් ට්‍රෙන්ඩින් අතින් ඉහළ යද්දි දරාගන්න බැරි කන්ඩායමක් ඉන්නවා. ඉරිසියාව කුහකකම තියන කණ්ඩායමක් ඉන්නවා.ඒ වගේ කිහිප දෙනෙක් තමා මේක කරන්නෙ.
මේකෙන් අපිට සමීප අය ඈත්කරවන්න පුළුවන්. ඒවගේම හොඳට ඉන්න කෙනෙක් නරක කෙනෙක් විදිහට හංවඩු ගහන්න නරකයි. ඒ නිසා පියවරක් ගන්නයි මාත් ආදරණීය බිරියත් ආවේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: