hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 5:53



රංගන ද සිල්වා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ නිවේදකයෙක්.

හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනා ගත් රංගන පසුකාලිනව හිරු නාලිකාවෙන් ඉවත් වෙනවා.

හිරු නාලිකාවෙන් ඉවත් වූ රංගන පසුව ස්වර්ණවාහිනී නාලිකාව හා සම්බන්ධ වෙනවා.

ඔහු එහි හිත ඉල්ලන තරු වැඩසටහන මෙහයවුවා.

එයටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා.

කෙසේවෙටත් මේ වෙන විට රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කරලා.

මේ කාලේ වෙනකොට වෙන අවුරුදුවල නම් රංගන හරි හරියට නත්තල් වැඩසටහන් වලට සූදානම් වුණා.

නමුත් මෙවර ඔහු කිසිම නාලිකාවක නත්තල් වැඩසටහන් නිවේදනය කරන පාටක් නම් පේන්න නැහැ.

හැබැයි අපිට නම් රංගන කරන නත්තල් වැඩසටහනක් ගැන ආරංචියක් ආවා.

ඒක තියෙන්නේ රංගන අලුතින් ආරම්භ කරපු Rangana De Silva යූටියුබ් නාලිකාවේ.

එම වැඩසටහන තියෙන්නේ 24 වනදා සවස 5.00ට.

සචිනි දිල්හාරා, මහේෂි මධුශංකා, ආශා එදිරිසිංහා, ක්‍රිෂාන් – ශේෂාද්‍රි, සුරේනි ද මෙල්, ඕෂධී හේවාමද්දුම, නිත්‍යා දේවින්දි, මංජුලා කුමාරි, රජිත හිරාන්, ගයත්‍රී ඩයස්, රොෂාන් රණවන, පියුමි ශ්‍රීනායක, චන්දිමා කරුණාදාස, බුද්ධික රඹුක්වැල්ල, චිලී තිලංක, චතූ රාජපක්ෂ ඇතුළු කළා තරු ගොඩක් පායනවා කියලා තමයි ආරංචි වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: