hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 5:02



“තිලිණි ප්‍රියමාලි කියන කාන්තාව මම දැකලත් නැහැ කතා කරලත් නැහැ. අඳුනන්නෙත් නැහැ. අනික මං අවුරුද්දයි මාස හතයි දවස් දාහතරක් හිරේ හිටියේ. ඒ නිසා මේ කාන්තාව එක්ක බිස්නස් කර කියන චෝදනාව මට එල්ල කරන්න බැහැ.” යැයි ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව රුපියල් කෝටි 7ක මුදලක් ආයෝජනය කළ බවට රන්ජන් රාමනායක මහතා වෙත එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමක දී ඒ මහතා මේ බව කියා සිටියේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා ,

“මේ කාන්තාව එක්ක බිස්නස් කරානම් මං සීඅයිඩී එකෙන් හරි පොලිසියෙන් හරි දැනුම් දීමක් කරන්න ඕනේ කටඋත්තර දෙන්න එන්න කියලා. මේ වෙනකල් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. ඒ නිසයි මම නිහඬව හිටියේ. පිටරට ඉඳලා ක්‍රියාත්මක වන මඩ වෙබ් සයිඩ් කීපයකින් තමයි මේ මඩ ප්‍රචාර මට එල්ල කරන්නේ. මේ කාන්තාව නිෂ්පාදනය කරන්න හදපු චිත්‍රපටයේ මුහුරත් උළෙලට මම ගියේ නැහැ. මගේ වෙලාවට ඒ මුහුරත් උළෙල පැවැත්වෙන කොට මම හිටියේ හිරගෙදර. ඒ නිසා මට එල්ල වන චෝදනා සේරම පදනම් විරහිත ඒවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: