hit counter

2023 දෙසැම්‍බර් මස 04 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:54



රන්ජන් රාමනායක කියන්නෙ සිංහල සිනමාවේ සුපිරි තරුව බවට ආයෙමත් විවාදයක් නැහැ.

රන්ජන් මහා විශ්මකර්මයෙක් නොවුණා වුණත් රන්ජන් සිනමාව ඇතුළේ කරපු සුවිශේෂී වෙනසට සහ අත්හදා බැලීම්වලට ප්‍රේක්ෂකයින් ප්‍රිය කළා.

සිනමාවේ රන්ජන් හා එක්ව රඟන්නට බොහෝ රංගන ශිල්පිනියන්ට හීනයක් තිබුණා කියන එකත් රහසක් නෙවෙයි.

පසුගිය දවසක රූපවාහිනි වැඩසටහනකට එක් වූ රන්ජන් රාමනායක, උදාරි වර්ණකුලසූරිය සමඟ රංගනයේ යෙදුණු පායා එන්න හිරු සේ චිත්‍රපටය රූගත කිරීමේ දී සිදු වූ රසවත් සිදුවීම් කිහිපයක් මෙසේ හෙළි කර තිබුණා.

‘උදයකාන්ත මහත්මයා තමයි කළේ ෆිල්ම් එක පායා එන්න හිරු සේ… මට චරිත දෙකක් තිබුණා. හොරෙක් ගෙදර එනවා මැරුණු මිනිහා විදිහට. ඒකට අලුත් ගර්ල් කෙනෙක් විදිහට උදාරි වර්ණකුලසූරිය තෝරගෙන තිබුණා, ඔිඩිශන් කරලා. මාත් බැලුවා… ලස්සන කෙල්ලෙක්… මාත් ඉතින් පොඩි ට්‍රයි එකක් දුන්නා. අපි එහෙමනේ ඉතින්…. අවංකවම කියන්නෙ… සෙට් වේගෙන ආවා ඉතින්….’

‘සෙට් වේගෙන එන අතරේ මහත ආන්ටි කෙනෙක් ආවා, ඒ උදාරිගේ අම්මා… මම උදාරිට ඉතින් අවවාද දෙනවා.. මම චරිත හොයලා දෙන්නම්, සපෝට් කරන්නම්, ඩාන්සින් කරන්න කිය කිය කියනවා, ආන්ටිටත් කියනවා, මෙයාව ඩාන්සින් එවන්න, අරෙහෙ මෙහේ කියලා.’

‘ඔහොම ගිහින් ඉතින් ෂුටින් ඉවර වෙලා, පැකප් කරලා… ‘එහෙනම් පුතා … ෂුටිං ඉවරයි අපි යනවා’ කියලා ගියා.. යන්න කලින් ආන්ටි හැරිලා ඇවිත් ‘පුතා ඇහුවට තරහා වෙන්න එපා, පුතා ඉපදුනු අවුරුද්ද මොකද්ද’… කියලා ඇහුවා. මම කිවුවා, ‘ආන්ටි මම 63’, කියලා. ‘ඇත්තද පුතා මම 64 කිවුවා’….. (සිනාසෙමින්..) මම ඒත් ගණන් ගන් නැතුව ‘ආ එහෙම ද ආන්ටි’ ඇහුවා.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: