hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 25, පෙ.ව. 3:34



මියන්මාරයේ පසුගියදා පැවැත්වූ “Mrs Grand International -2022“ තරගයට ඉදිරිපත් වූ තමන්ගෙන් එම තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂවරයා ලිංගික අල්ලස් ඉල්ලූ බව මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගත් රසාංගි චාමිකා මහත්මිය පසුගියදා පැවසුවා.

ඇය එසේ සඳහන් කිරීමත් සමඟම සමාජයේ ඒ පිළිබඳව දැඩි කතාබහක් ඇති වූවා.

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් රසාංගි චාමිකා මහත්මිය සඳහන් කළේ මෙවැනි තරඟ සඳහා ඉදිරිපත් වීමේදී මෙවැනි සිදුවීම් අනන්තවත් සිදු වන බවයි.

මෙවැනි ලිංගික අල්ලස් ඉල්ලු කෙනෙක් වෙනුවෙන් මීට පෙර ජනප්‍රිය නිලි මහේෂි මධුසංකා හඬ නැගූ බවද ඇය සඳහන් කළා.

තමා ළඟ ඒ සම්බන්ධයෙන් සාක්ෂි පවා තිබෙන බවත් තමා සඳහන් කරන හැම කරුණකම වගකීම තමා ගන්නා බවද ඇය අප හා පවසා සිටියා.

එහිදී ඇය මෙසේ අදහස් දක්වා සිටියා.

“මම ගාව ඒ ගොල්ලෝ මාධ්‍යට දීපු දේවල් තියෙනවා. මම දැක්ක වෙලාවේ මම ඇහුවා මලිත්ගෙන් මහේෂි කියන කාන්තාව ඔයා ගැන මෙහෙම කියනවනේ කියලා. එයා දාපු මැසේජ් තියෙනවා එයාට කැත විදියට කියපු මැසේජ් තියෙනවා මගේ ගාව. ඔය ඉතින් ඕවට යා ගන්න බැරි වුණාම ඔය වගේ අමාරු තියෙන උන් තමයි ඔය ඔහොම කියන්නේ කියලා මට කෙලින්ම කිව්වා. මගේ ගාව ඔක්කොම සාක්ෂි තියාගෙන මම කතා කරන්නේ. මම නෙවෙයි මාධ්‍යට ඇවිත් එයා ගැන කිව්ව පලවෙනි කෙනා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: