hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 01, ප.ව. 5:25



බදුල්ල නගරයේ අද දහවල් සිදු වූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙක් වන අතර මෙම අනතුරින් තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

බදුල්ල ධර්මදූත විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟයට සමගාමීව අද පැවැත්වුණු ධර්මධූත විද්‍යාලයේ රථ පෙළපාලියට සහභාගී වෙමින් තිබූ කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

“ඇත්තටම කණගාටුදායක සිද්ධියක්. ඉතාම නරක සිද්ධියක්. ඔබ දකින්න ඇති අර දෙමව්පියොන්ගේ වේදනාව. පාසල් සිසුන් අද දින පාසල් අතර පවත්වන මේ එකක හෝ මොන වගේ ඒ වගේ දේකට ගිහිල්ලා වාහනයක් පෙරලිලා තියෙනවා. ඒකේ අධික පිරිසක් ගමන් කරලා තියෙනවා. අපිට රෝහල් අටදෙනෙක් ගෙනාවා. අට දෙනාගේ දෙනාගෙන් බරපතල තත්වයෙන් දෙන්නෙක් තව ඉන්නවා. ඇත්තටම දරුවන්ගේත් වගකීමක් තියෙනවා. මේ වගේ මේ රටේ ප්‍රශ්න තියෙන මොහොතක වගකීමෙන් හැසිරෙන වගකිවයුතු පුරවැසියන් විදියට මම හිතන්නේ හැමෝටම වගකීමක් තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: