hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 27, ප.ව. 10:34



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනායි.

මොවුන් වේදිකාවේ සම්මාන ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ කෙටි අවස්ථාවක් හිමි වුණා.

නිවේදක රවීන් උමාලිගෙන් ඇසූ මුල් පැනය සම සම්මාන ලැබීම ගැනයි.

එයට පිළිතුරු ලෙස උමාලි, සම්මාන සදහා නිර්දේශවූ සියලු අය දක්ෂයින් බවත් ඒනිසා සම්මාන බෙදීයාම ගැටලුකාරී යයි කල්පනා නොකරන බවත් කියා සිටියා.

කතාව අවසන් කර ඔවුන්ට අත්පොළසන් පිරිනමා වේදිකාවෙන් පිටව යන්නට අවස්ථාව සැලසූ නමුත් ඒ වෙලාවෙ උමාලි රවින්ට යමක් දන්වමින් ටික වේලාවක් ඉල්ලාගෙන තවත් යමක් පැවසිය යුතු යයි කියමින් කතාවක් කළා.

මේ වන ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී , ගීත රචක සමන් අතාවුදහෙට්ටි මහතා වෙනස්ම ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ සිය මුහුණුපොතට සටහනක් එකතු කරමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: