hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 07, පෙ.ව. 12:01



සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා ඇප මත මුදාහැරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළා.

හලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබු බව කියමින් සනත් නිශාන්ත මහතාගේ රියදුරා වෙනුවෙන් නීතීඥ තමරා අබේරත්න මහත්මිය කළ ඇප ඉල්ලීම පිළිගනිමින් රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ රියදුරු බලපත්‍රය යළි නියෝගයක් කරනතුරු අත්හිටුවීමටද නියම කළා.

මෙලෙස ඇප මත මුදාහැරීට නියම කරන ලද්දේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙනන් කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩි මහතාට මරු කැඳවු කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ අනතුර වන අවස්ථාවේදී සනත් නිශන්ත මහතා ගමන් කළ වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තාය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරු හා අදාළ වී-8 වර්ගයේ රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා කඳාන පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර මුල් අවස්ථාවේදීම නිරෝෂන් දසනායක නමැත්තා ඇප මත මුදා හළ මහෙස්ත්‍රාත්වරයා නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කෙරිණී.

සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටි සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි කඳාන පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තමරා අබේරත්න මහත්මිය කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම සිද්ධියේදී මියගිය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් වසර 12ක පමණ කාලයක් සේවය කරන ඔහුට අතිශය හිතැත්තෙකු බවත් සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාද දැඩි කම්පාවට පත්ව සිටින්නේ යැයිද කීවා.

සනත් නිශාන්ත මහතාගේ රියදුරන් වශයෙන් තම සේවාදායකයාට අමතරව තවත් අයෙකු කටයුතු කළ බවත් සිද්ධිය වු දින කුරුණෑගල හා හලාවත සාද දෙකකට සහභාගී වු ඔහු රාත්‍රීයේ යළි කොළඹ යෑම දැඩි වෙහෙසකර කටයුත්තක් වන හෙයින් අනිත් රියදුරුට රථය බාරදීමේ අරමුණීන් ඔහුට හලාවතට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණ නොසිටීම හේතූවෙන් තම සේවාදායකයාටම රථය පදවාගෙන කොළඹ පැමිණීමට සිදුවුයේ යැයිද කී නීතීඥ තමරා අබේරත්න මහත්මිය හලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබුණේ යැයිද සඳහන් කළා.

සමාජ මාධ්‍ය වල සැරිසරන පුද්ගලයින් කට වාචාල කමට යම් යම් දුෂමාණ ප්‍රචාර පැතිරවුවත් සනත් නිශාන්ත මහතාගේ පවුලේ උදවියත් තම සේවාදායකයාට සිදුවී ඇති තත්වය පිළිබඳ කම්පාවට පත්ව ඇතැයිද පාසැල හැරගිය දිනයේ සිට සනත් නිශාන්ත මහතා ලඟ සේවය කරන ඔහුට බෙහෝ හිතැති තම සේවාදායකයා ඔහුගේ අතිශය පෞද්ගලික කරුණු පවා දන්නේ යැයිද කී නීතීඥ තමරා අබේරත්න මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියා

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණීල්ල යළි කැඳවන ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: