hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 25, පෙ.ව. 9:10



වර්තමානය වන විට සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ සෙයින් කතා වෙන නමක් බවට පත් වෙච්ච යොවුන් පරපුරේ නව ගායකයෙක් තමයි සනුක වික්‍රමසිංහ කියන්නේ.

වින්ඩි ගුණතිලක සහ සනුක විසින් එකට එකතුවෙලා ගායනා කරපු අයියෝ සාමී ගීතය මේ වන විට බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා.එනිසාම මේ දෙන්න පිලිබඳවත් වැඩිපුර ගොඩක් අය කතා බහ කරනවා.

ඉතින් කොයි කවුරුත් දන්නවා වින්ඩි සහ සනුක කියන්නේ ආදරවන්තයන් කියන්න.

ඉතින් ඒ දෙන්නගෙ පෞද්ගලික ජීවිතය ඒ විදිහට ගතවෙද්දී මේ දෙන්න එකතු වෙලා හරිම ලස්සනට නිර්මාණය කරපු මේ ගීතය අද වෙද්දි ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

කොයි කවුරුත් දන්නවා වින්ඩි කියන්නේ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන ආදරණීය කලාකරුවන් දෙදෙනාගේ  බාල දියණිය කියන්න.

ඇය කලක් විදෙස්ගත වෙලා වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා.

නමුත් ප්‍රසංග වේදිකාව තුල  නම් වින්ඩිව අපිට නිතරම දැකබලා ගන්න හැකියාව ලැබුණේ නැහැ.

ඒකට හේතුව ඇය ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක් නිසයි.

බොහෝ අවස්ථාවන් වල දී ඇයගේ සංගීත කුසලතාවය යටපත් වෙන්නත් ඒක හේතුවක් වුණා.

ඒ සම්බන්ධයෙන් සනුක කිව්වේ මේ වගේ කතාවක්.

” වින්ඩි සින්දු කියන්න කම්මැලි කමට වඩා එයා ලජ්ජාශීලී කෙනෙක්.එයා නිර්මාණයක් කරන්න ගත්තට පස්සේ එයා ඒක උපරිමයෙන් කරන කෙනෙක්.වින්ඩිට තියෙන්නේ වෙනස්ම හඬක්.මේ දවස්වල එයාගේ නිර්මාණ කීපයක් හද හදා ඉන්නේ.සමහරවිට එයා ගේ ගීත ඇල්බම් එකක් එන්නත් පුලුවන් ඒ ගැන අපි ඉදිරියේදී හරියටම කියන්නම්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: