hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:37



ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය 13 දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවන් 23 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

ඇය අද (09) අලුයම 05.40ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන් ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන්  විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඇය මෙම තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට නියමිත අතර 15 දින සර්ගම් කවුෂාල් මහත්මිය සිය සංචාරය නිමා කර ආපසු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගය ඒෂියන් මිරර් ෆේස්බුක් පිටුව සහ ඒෂියන් මිරර් යූටියුබ් නාලිකාව ඔස්සේ 13 දින සවස 06.00 ට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: