hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 19, පෙ.ව. 7:17



කළා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.

ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.

කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.

පසුගියදා පුබුදු චතුරංග සිය උපන්දිනය සමරනු ලැබුවා.

ඒ වගේම ජනප්‍රිය නිලි ශලනි තාරකා ඇයත් සිය උපන්දිනය ජයටම සමරනු ලැබුවා.

ඉතින් මේ දෙන්නගෙම යාළුවො එකතු වෙලා මේ දෙන්නගේ උපන්දිනය එකම දිනයක සමරනු ලැබුවා.

 ඒ වගේම මේ අපූරු අවස්ථාවට පුබුදුගේ ආදරණීය සුන්දර බිරිඳ මාෂි වගේම දිනක්ෂි, සාරංග, යශෝදා, සචිනි, ෂෙරිල් වගේම අසේකා වැනි අපේ කලා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සුපිරි කලා තරු කිහිප දෙනෙක්ම එකතු වෙලා තියනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් මේ අපූරු අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන රවීමාල් විදුරංග ඡායාරූප ශිල්පියා විසිනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: