hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 2:19



ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනිගේ චරිතය කළේ ශලනි.

නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා.

කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා.

උපන්දිනය සමරන අද දවසේ ශලනි මෑතකදී කළ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ගත් තමන්ගේ අපූරු සේයාරුවක් සමාජ මාධ්‍යවල පල කර සිටියා.

ඒ මෙවැනි සටහනක් එක්ක,

“ඇය ශක්තිමත් හා ගෞරවයෙන් සැරසී සිටින අතර අනාගතය ගැන බියෙන් තොරව සිනාසෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: