hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 06, පෙ.ව. 12:04



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ශලනි තාරකා කියන්නේ ඒ විදියට සැරින් සැරේ කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්.

පසුගිය දවසක යුටියුබ් සාකච්ජාවකට එකතු වෙමින් අදහස් දක්වා සිටියා.

කතාබහට ලක්වුණු ෂුගර් ඩැඩී කතාව ගැනත් ශලනි මේ විදිහට කරුණු කියලා තිබුණා.

‘හැම කෙල්ලෙක්ගේ හීනයක් නේ විවාහයක් කියන එක. මගේ හීනේ විදිහට මම ඒක හැබෑ කරගත්තා. කවුරුත් කියපු දේවල් වලට මම රියැක්ට් කරන්න ගියා නම්… ඇත්තටම මේ දේවල් මෙහෙම නොවෙන්න තිබ්බා. මම ඇත්තටම ඒ ප්‍රශ්නයේ දි රෙස්පෙක්ට් කරන්නෙ මගේ සැමියාට… ‘මම කොහොම ද මේ වගේ කෙනෙක්ව බඳින්නෙ? ඇත්තටම ෂුගර් ඩැඩි කෙනෙක් ඉඳලා ඇද්ද’ කියලා සාමාන්‍ය මනුස්සයෙක් වුණත් හිතන්න පුළුවන්… නමුත් එයා කිවුවේ, ‘මම ඔයා ගැන දන්නවා, වුණ දේවල් ඇස් දෙකෙන් දැක්කා’ කියලා…..’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: