hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 11:13



ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනිගේ චරිතය කළේ ශලනි.

නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා.

කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා.

පසුගිය දිනක උපන්දිනය යෙදිලා තිබුණු ශලනි ඒ වෙනුවෙන් කරපු දේවල් ප්‍රේක්ෂකයන් සමඟ බෙදා හදා ගන්න අමතක කරලා තිබුණේ නැහැ.

ශලනි හැම අවුරුද්දකම වගේ කිරි අම්මාවරුන්ට දානයක් දීලා තමයි උපන්දිනය ආරම්භ කළේ.

ඒ වගේම දුෂ්කර පාසලක දරුවන් වෙනුවෙන් පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබුණා.

ඒ වගේම උපන්දින සැමරුම් කිහිපයක්ම ඇය වෙනුවෙන් ලැස්ති කරන්න ඇගේ හිත මිතුරන් අමතක කරලා නම් තිබුණේ නැහැ.

ශලනිගේ ගිය අවුරුද්දේ උපන්දිනේ සමරන්න සචින් ලියනගේ එකතු වුණත් මේ පාර සචින් සහභාගී වෙලා තිබ්බේ නැහැ.

ඒ ගැන ගොඩක් දෙනෙක් විමසලා තිබුණත් මේ වෙනකන් සචින්වත්, ශලනිවත් ඒකට උත්තර නම් දීලා තිබ්බේ නැහැ.

ඉතින් ශලනි උපන්දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: