hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 26, ප.ව. 8:23



විහාරාස්ථානයේ පිංකම්වලට සහභාගී වෙමින් විහාරයේ වැඩ වසන හිමිනමක සමඟ හිතවත්ව, උන් වහන්සේගේ රුපියල් කෝටි පහකට ආසනන් මුදලක් වංචා කළ 71 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වනවා.

ඒ අනුව අදාල කාන්තාව විසින් කඩවත ප්‍රදේශයේ ඇති තමා සතු ඉන්ධන පිරවුම්හළක් හිමියන්ට ලබා දෙන බව පවසමින් ඇය විසින් අදාල භික්ෂුවගෙන් මෙම මුදල් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස මෙම වංචාවට ගොදුරු වී ඇත්තේ කැලණිය ප්‍රදේශයේ විහරාස්ථානයක විහාරාධිකාරී හිමි නමක් බවයි ජාතික පුවත්පත්වල අද වාර්තා කර තිබුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම කාන්තාව කැලණිය ගෝනවල පමණුවිල ප්‍රෙද්ශයේ පදිංචිකාරියක වන අතර ඇය කඩවත සහ ගනේමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකක හිමිකාරියක් බවත් එම පුවත් වාර්තා සඳහන් කරනවා.

අදාල කාන්තාවට රැවටී රුපියල් ලක්ෂ 470ක මුදලක් අහිමි කර ගත් භික්ෂුව විශ්වවිද්‍යාල කථිකාචාර්ය හිමිනමක් ද වන බවට කරුණු වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: