hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 09, පෙ.ව. 11:47



ඡන්දයක් භාවිත කරන විට හැමදාම කරන දේ නොකර හරියට හිතලා අභියෝග කළොත් තුනේ කෑලි 70-80 ඉක්මවා යා හැකි බව ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග පවසනවා.

හිරු ස්ටාර් සිසන් 3 තරගාවලිය යටතේ ඊයේ පැවැති තරගයේදී අමීෂ මිනෝල් හා සහන් ප්‍රබුද්ධ සියයට 95ක මනාප ප්‍රතිශතයක් ලැබීමෙන් පසුව ඔවුන්ගේ මත පළ කිරීමේදී මෙම අදහස් දැක්වුවා.

මෙවර තරගාවලිය යටතේ මුලින්ම සියයට 95ක ප්‍රතිශතයක් ලබාගත්තේ අමීෂ මිනෝල් වූ අතර එය බිඳ හෙළීමට නොහැකි වාර්තාවක් බවට මත පළ වුණා.

ඉන් අනතුරුව ගායනා කළ සහන් ප්‍රබුද්ධද සියයට 95ක ප්‍රතිශතකයක් ලබාගත්තා.

කෙසේ වෙතත් දශමස්ථානයකින් අමීෂ මිනෝල් තරගයෙන් ඉදිරියට ගියා.

මෙම සිදුවීම දේශපාලනයට ගලපමින් ශිහාන් සිය අදහස් දැක්වුවා.

“දැන් වෝට් එක කියන එක ගැන ජනතාව හොඳටම තෙම්පරාදු වෙලා හැදිලා තියෙන්නේ. මම සතුටුයි මෙහෙම වෙනවනම් අනිත් දේවල් වලදීත්. ඡන්දයක් පාවිච්චි කරද්දී හැමදාම කරපු දේ කරන්නේ නැතිව හරියට හිතලා අභියෝග කරන්න පුළුවන් ඔය තුනේ කෑල් 70 80 පනිනනවා. නාට්ටි බලන්න ඕන. අපිට හදවතට සතුටක් ගේන තත්පරයක්වත් නෑනේ.ප්‍රවෘත්තියක් අහද්දිවත්. අහගෙන ඉන්න. ළංවෙද්දී අලුත් කථා, නාට්ටි එහෙට පෙරලෙනවා මෙහෙට පෙරළෙනවා. ළංවෙද්දී පරණ කථා ආපහු මතක් කරනවා. අපි ආවොත් හොඳයි වගේ. අහගෙන ඉන්න. හැබැයි මේ වගේ වෙනස් කරන්න පුරුදු වෙන්න. පරද්දන්න බෑ වගේ හිතනවානේ වෙන කවුරුත් නෑ වගේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: