hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 18, පෙ.ව. 8:36



තම සහකරියව ඝාතනය කර සිරුර කැබලි 35කට කපා කැලෑවට වීසි කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් සහ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාවට සහකාරියගේ පවුලේ අය අකමැති වීම නිසා ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලි නගරයේ පදිංචියට ගොස් තිබෙනවා.

ඒ සමගම ඇය විසින් තමාව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීම හේතුවෙන් දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබූන අතර පසුගිය මයි මාසයේදී ඇතිවූ ආරවුල දුරදිග ගොස් කෝපයට පත්වූ සහකරුවා ඇයගේ ගෙළ සිර කර ඝාතනය කර සිරුර කැබලි 35කට කපා ඔවුන්ගේ නිවස අසල වනාන්තරයකට දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුව එම සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මාස කිහිපයකින් ඇයගෙන් ආරංචියක් නොලැබුණු බව ඇගේ මිතුරන් දෙමවුපියන්ට දැනුම් දී ඇති අතර පසුව ඔවුනටද ඇයව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර මේ හේතුවෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම යුවළ දිවි ගෙවූ දිල්ලි නුවර මෙහ්රාලි ප්‍රදේශයේ පිහිටි කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: