hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 1:43



ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ශ්‍රද්ධා වෝල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා විසින් ඇය අතුරුදන්ව ඇති බවට වාර්තා කිරීමෙන් පසු ඇයගේ මරණය අනාවරණය වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ශ්‍රද්ධාගේ හිස් කබල, ජංගම දුරකථනය, මිනීමැරීම සඳහා භාවිතා කළ අවිය තවමත් අතුරුදන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය මැයි 18දා ඇති වූ ගැටුමකින් පසු ඇයගේ ගෙල සිරකර මරා දැමු බවයි ඇයගේ පෙම්වතාවන අෆ්තාබ් අමීන් පූනාවල පවසා තිබෙන්නේ.

පසුව අෆ්තාබ් විසින් පසු දිනයේ අධිශීතකරණයක් සහ පිහියක් මිල දී ගෙන එම මළ සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වල්කාර් සහ පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වූ බව පොලිසිය පවසයි.

මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාව අනුමත නොකළ වල්කාර්ගේ පවුලේ අය සමඟ ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලියට ගොස් තිබෙනවා.

“යුවළ පදිංචිය වෙනස් කළ විගසම ශ්‍රද්ධා ඇයව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීමට පටන් ගත්තා,” යැයි උසස් පොලිස් නිලධාරියකු වන අන්කිත් චෞහාන් ANI පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

“දෙදෙනා නිතර රණ්ඩු වෙලා තියෙනවා සීමාව ඉක්මවා යන තරමට. මැයි 18 වැනි දින ඒ මනුස්සයා කෝපයෙන් ඇයගේ ගෙල මිරිකා මරා දමලා” ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වල්කාර්ගේ පවුලේ අය ඇය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇත්තේ, මාස කිහිපයකින් ඇයගෙන් ආරංචියක් නොලැබුණු බව ඇගේ මිතුරන් දැනුම් දීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වල්කාර්ගේ පියාටද ඇයව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ විට ඔහු මුම්බායි පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සිය පැමිණිල්ලේදී ඔහු පූනවාලාට එරෙහිව ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් චෝදනා කර ඇති අතර “දුව ඇගේ මවට කතා කර අෆ්තාබ් ඇයට පහර දුන් බව පවසන” බවට චෝදනා කර ඇත්තේ.

වල්කාර් අවසන් වරට ප්‍රසිද්ධියේ ජීවත් වූ ස්ථානය දිල්ලි නගරය බවට සොයා ගැනීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශන දිල්ලි පොලිසිය වෙත මාරු කර තිබෙනවා.

එම යුවළ දිවි ගෙවූ දිල්ලි නුවර මෙහ්රාලි ප්‍රදේශයේ පිහිටි කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේදී පූනවාලා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ඝාතනයට ලක් වූ වල්කාර්ගේ සිරුරු කොටස් චතාර්පූර් එන්ක්ලේව්හි වනාන්තරවලට බැහැර කර ඇති බවයි.

ඔවුන් කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේ තිබී අස්ථි කොටස් කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකරු මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සඳහා භාජන කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි.

එමෙන්ම,  ඇය ඝාතනය කිරීමෙන් පසු ජීවතුන් අතර සිටින බව ඇඟවීමට ඉන්ස්ටග්‍රෑම් හරහා ඇයගේ මිතුරන් සමඟ ගනුදෙනු කිරීමටද සැකකරු පියවර ගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි එම වාර්තා සඳහන් කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ දිල්ලි පොලිසිය අෆ්තාබ් පූනවාලාගේ මනෝ තක්සේරු පරීක්ෂණයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි.

සබැඳි පුවත් – තරුණයෙක් පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාලා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: