hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 15, පෙ.ව. 9:33



හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රිය ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මාවරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදු කළා.

මෙම මවට තවත් අවුරුදු 03ක පුංචි දියණියක්ද සිටි මීට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් අහිමි වූ බවද කියයි.

මෙසේ තුන් නිවුන් දරු උපත සිදු කර ඇත්තේ හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි නමැති මවක්.

මේ දරුවන්ගේ පියා සන්ජිත් අසෝක දයානන්ද මහතා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවෙන බව එම මව පවසනවා.

දරුවන්ගේ මව හා පියා  දඹුල්ල රෝහලෙන් දරුවන් තුන් දෙනා අරගෙන සුපුරුදු වන මැද පැලට 14 පස්වරුවේ මොර සුරන වරුසාවේ රැගෙන ආවා.

වරුසාවට පුංචි පැල තෙමි හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකි වුණා.

දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ මෙම ගමට යායුතුව තිබෙනවා.

මෙම දරුවන් රැගෙන යාමට ත්‍රීරෝද රථයක් ගෙනවිත් තිබුනේ අබාධිත පියාට හැකි ආකාරයටයි.

එහෙත් වරුෂාව නිසා එම රථයෙන් දරුවන් ගෙන යන්නට නොහැකි වූ තැන මාධ්‍යවේදීන් වන අප මේ පැටවුන්ට ගමන් පහසුකම් ලබාදෙන්නාට ඉදිරිපත් වුණා.

මව අප සමඟ කිවේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරෙන්න වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කල බවයි.

මේ පැටවුන් අරගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කල නිවසට විදුලිය, ජලය කිසිවක් නැත.

පැටව් ටික අරගෙන යනකොටම මහා වරුසාවක්  වැටුණා.

නිවස හැමතැනම තෙමෙන්නට වුණා.

හිරිකඩ ගේ පුරා යන්නට වුණා.

මේ පුංචි පැටවුන්ට අම්මගේ කිරි ප්‍රමාණවත් බව දොස්තර මහත්වරු පවසා තිබෙනවා.

එහෙත් ඇදුම්, සබන්, මදුරු දැල් ආදී පැටවුන්ට අඩුපාඩු රැසක්.

මේ පැටවුන්ට ඉන්න අඩුම තරමේ පුංචි කාමර දෙකක් හදලා දෙන්න හැකි නම් ඒක මහා ශක්තියක් බව මව පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: