hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 9:04



2021 වර්ෂයේ දවසක තම ගැබ්බර බිරිඳව රෝහලට ගෙනයාමට 22km ක් ගංවතුර මැද්දෙන් පයින්ම අවිදිගෙන ගිය ආදරණීය සැමියාගේ කතාව අපේ රටේ පුවත්පත්, රූපවාහිනී නාලිකා මෙන්ම සමජ මාධ්‍ය තුලත් අතිශයින්ම කතා බහට ලක්වුණා.

ඉතින් මේ ආදරණීය යුවල කුමාර සහ චාන්දනී ගැන මේ පුවතත් එක්ක බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වෙන්න ගත්තා.

ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් ඔවුන්ගේ අඩු පාඩු සොයා බලලා ඔවුන්ට උපකාර කරන්නත ඉදිරිපත් වුණා.

කොහොම වුණත් මේ වෙද්දී මේ පුංචි දරුවාත් එදා ඒ කැපකිරීම කළ සැමියාත් තනි කරලා ඇය යන්නම ගිහින්.

වෙනත් කැඳල්ලක ඉන්න ඇයට තවමත් එදා වගේම ආදරෙයි කියලා තමයි ඔහු නම් කියන්නේ.

කොහොම වුණත් ඇය ගැන හිතුවෙත් තවදුරටත් දරුවා ගැන සොයන දේ අතපසු වෙයි කියලා හිතලා ඔහු දැන් ඔහුගේ මුළු ජීවිතයම ඒ පුංචි දේණි කරගෙන ඉවරයි.

ඒත් හැරගිය බිරිඳට තමත් ඒ කැඳැල්ලේ ඉඩ තියනවා කියලා තමයි ඔහු නම් කියන්නේ.

තමගේ දෝතේ ඉන්න මේ පුංචි මල දවසක යහපත් දරුවෙක් වෙනතුරු ඔහු තනිවම හීන මවනවා.

ඒත් ඒ කැඳැල්ලේ අම්මා නැති අඩුව පුරවන්න ඔහුට පුළුවන් වේවිද..?

පණ වගේ තම දරුවා රකින මේ ආදරණීය සැමියාට කවදානම් සැනසීමක් ලැබේවිද..?  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: