hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 11:23



ප්‍රේමයේ සැබෑ සාක්ෂියක් පිළිබඳ අපූරු කතාවක් ලෙස මීට වසර දෙකකට පමණ පෙර 2021 ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් ගංවතුර බාධකය මැද ගැබිණි බිරියක කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය සැමියෙකු පිළිබඳ කතාවක් වාර්තා වුණා.

බිරියට දරුවෙකු ලබන්නට සිටි ඒ කාලයේ ආදරණීය ස්වාමිපුරුෂයකු වෙමින් කුමාර නමැති ඔහු ගැබිනි බිරිඳ ගංවතුර මැද මහත් ආයසයකින් වෛද්‍යවරයකු වෙත ගෙන යාමට උත්සුක වූවා.

ඔහුගේ ප්‍රයත්නය සමාජ මාධ්‍ය තුළින් ප්‍රකට වුණා.

එස්. එස්. කුමාර ශ්‍රී ලංකාවේ  සමාජ මාධ්‍ය තුළ එකල වඩාත්ම ආදරණීය ස්වාමිපුරුෂයා ලෙස හඳුන්වා තිබුණා.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඔවුන්ට දන්වා තිබුණ නමුත්, ගංවතුර නිසා ගිලන් රථයකට පවා ඔවුන්ගේ ස්ථානයට පැමිණිය නොහැකි වුණා.

කුමාර තම බිරිඳව තම දෑතට ගෙන නිවසේ සිට රෝහල වෙත ගෙන යාමට තීරණය කළේ  නිර්භීත ලෙසින්.

තමාව විඩියෝ කර සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වී ඇති බව ඔහු දැනගත්තේ පසුදා බවද කියැවිණි.

මෙම සිද්ධිය මාධ්‍ය තුළ විශේෂ කථාබහට ලක්විය.

රංගනගේ සංවත්සර වැඩසටහනකටද මේ යුවළ ගෙන්වා උපහාර පුදා තෑගි බෝගද ලබාදී තිබුණා.

බිරිඳ ඉන්පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැහැණු දරුවෙකු ප්‍රසූත කළ අතර ඒ පවුල ගැන ඉන්පසු කතාබහක් ඇතිවූයේ නැත.

වසර දෙකකට පසු ‘සකියා‘ නමින් පවත්වායන යූටියුබ් නාලිකාවේ මෙම සිද්ධිය ගැන පසු විපරමක් කර තිබුණා.

සකියා ඔහු කැඳවා කියන විදිහට දරුවා හා පියා තනිකර දරුවාගේ මව වෙනත්පුරුෂයෙකු වෙත ගොස්.

ඔහු හැඩූ කඳුලින් තම කතාව කියන අතර වයස දෙකක් වන දරුවා බලාගන්නට තිබෙන අමාරුකම ගැනද විස්තර කරයි.

බිරිය වෙනුවෙන් මෙතරම් කැපවීම් කළ සැමියෙකුට අසාධාරණයක් සිදුව ඇති බවට මේ තුලින් ඒත්තු ගැන්වීමක්කර තිබෙනවා.

මෙම කතාව නැවතත් සමාජ මාධය තුළ පැතිර යන්නේ එම අසාධාරණය කළ බිරියට සාප කරමිනි.

කෙසේවෙතත් මෙම සංසිද්ධියට තුන්වන පාර්ශ්වයකින් පළවූ අදහසක්ද ඒ සමගම හුවමාරුවෙමින් පවතිනවා.

එහිදී පැවසෙන්නේ වෙනත් කතාවක්.

මෙම පුද්ගලයා තමන්ට සේවා ලබාදුන් අයෙකු ලෙස කියමින් ෆේස්බුක්හි අයෙකු ලබාදී තිබූ කොමෙන්ටුවකින් කතාව වෙනත් පැත්තකට යොමුවේ.

එහි ඇත්ත නැත්ත පැහැදිලි නැත. එම විස්තරය මෙසේයි.

“මේ මනුස්සය කියන්නෙ හෙන බොරැ, අපේ ගමේ නිසා අපි දන්නව විස්තරේ, මෙයාලගෙ තාත්තයි අම්මයි කාලයක් අපේ ඉඩමෙ වැඩ කරගෙන හිටිය, ඒ ඉන්න  කාලෙත් මෙයා තුන් පාරක් ගෑනු තුන් දෙනෙක්ම ගෙනාව, ඊට කලිනුත් ගැනූ දෙන්නෙක්ද කොහෙද හිටිය කියල මෙයාලගෙ තාත්තම කියල තියෙනව, මෙහේ ඉද්දි තුන් වෙනියට ගෙනාව ගෑනු කෙනාව තමයි අර උස්සන් ගිහින් තිබුනෙ, ඒ ගැනු කෙනන් මෙයාලගෙ නැන්දගෙ දුවෙක්ද කව්ද නෑදෑ වෙන කෙනෙක්, මෙහේ ඉන්න ටැමිල් අයගෙ ජීවිත ඕම තමයි, මාසෙන් මාසෙට ගැනු ගේනව, ඒක සාමාන්‍ය දෙයක්, ආධාර දුන්න අය කරගත්තෙ පිනක් ඉතින් එයාල දුන්නෙ හොද හිතින් නිසා, මේ මිනිස්සු ඒ ඇඩුවෙ බොරුවට මෙයාලට ගෑනි ගියා කියන එක එච්චර දෙයක් නොවේ, මනුස්සයෙක් ගෙ කදුලක් දැකපු ගමන් හිත් උනු කරගන්න කලින් හොයල බලන්න කරන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියල, මොකද ලංකාවෙ උන්ට බොරැවට කදුලක් වට්ටන එක මහ දෙයක් නොවේනෙ“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: