hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 14, පෙ.ව. 4:53



‘ත‍්‍රිකෝ ගෲප්’ ආයතනයේ වැඩ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදු කරගෙන යමින් සිටින බව එම ආයතනයේ මාධ්‍ය ප්‍රධානීන් කියා සිටිනවා.

සුරංගි කොඩිතුවක්කු පවසන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි තම ආයතනය වසා දමා නැති බවත් සුපුරුදු රාජකාරි කටයුතු සිදු කරමින් ඇති බවයි.

ආයතනයේ සභාපතිනිය රක්ෂිත බන්ධනාගාර ගත වූ ද එය නීතිමය කටයුත්තක් බවත් එය අවසන් වූ වහාම ඇය විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සුරංගි කියා සිටියා.

සභාපතිනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දිනයේදීද දැනුම් දුන්නේ ආයතනයේ රාජකාරි එලෙසම පවත්වාගෙන යන ලෙස බවද පැවසූ ඇය ඒ අනුව සුපුරුදු රාජකාරි තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදු කරමින් සිටින බවද කියා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ සුරංගි කොඩිතුවක්කු,

සුරංගි කොඩිතුවක්කු – තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ 

සිදුවෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් මුළු රටම දන්නවා. ඒ නිසා තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවය කරන සේවක මණ්ඩලයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවලා තියෙනවා. 

ප්‍රශ්නය – ඉදිරියට ඔබතුමියලගේ කටයුතු කරගෙන යනවද?

සුරංගි කොඩිතුවක්කු – තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ 

අපි රාජකාරිය තුළ කොහොමත් රාජකාරිය තමයි එදා සිට කළේ, ඒ නිසා සභාපතිතුමිය දැඩි ලෙස ප්‍රකාශ කරලා තියෙනවා රාජකාරිය එලෙසින්කරගෙන යන්න. ආයතනය වහලත් නෑ ගොඩක් අය ප්‍රචාරය කරනවා 34වන මහලේ තිකෝ සමූහ ව්‍යාපාරය වහල තියෙනවා, සේවකයෝ වැරදිකාරයො බවට පත්වෙලා තියෙනවා කියලා, එහෙම කිසිම දෙයක් වෙලා නෑ.  

ප්‍රශ්නය – ඔබතුමිය තමයි බන්ධනාගාරයට යන්නේ කියලා සමාජ ජාලවල තිබෙනවා. ඔබතුමියට සභාපතිතුමිය උපදෙස් දුන්නද?

සුරංගි කොඩිතුවක්කු – තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

සභාපතිතුමිය නිරතුරුවම කියන්නේ ආයතනයේ රාජකාරිය, නැත්නම් මගේ ඩිවිෂන් එකේ රාජකාරිය සහ මම කරගෙන ආපු රාජකාරිය එලෙසින්ම පවත්වාගෙන යන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: