hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 15, ප.ව. 2:45



අපේ කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ. ඇය නිරූපණය කරපු චරිත රැසකටම අදටත් ප්‍රේක්ෂකයන් එදා වගේම ආදරෙයි. ඒවගේම තමයි ඇයගේ ආදරණීය දියණිය තිසුරි යුවනිකත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා රංගන ශිල්පිනියක් විදිහට කලාවේ වැඩකටයුතුත් එක්ක එකතු එකතු වෙලා ඉන්නවා.

සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉන්න එකම දියණියයි.ඒ නිසාම තිසුරි ත් අම්මයි තාත්තයි එක්ක තමයි ජීවත් වෙන්නේ. ඇය විවාහ වුණත් සැමියා නැවක වැඩ කරන නිසා ගෙදර එන්න කාලෙකට පස්සේ.ඒ නිසාම නිසාම අම්මත් එක්කම තමයි තිසුරි ඉන්නේ.

පහුගිය කාල සීමාව පුරාවටම මේ රංගන ශිල්පිනිය එහෙමත් නැත්නම් සුසන්තා චන්ද්‍රමාලි මහත්මියව කලා කටයුතුවලින් අපට  දැකබලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ.ඒකට හේතුව ඇය පියවුරු පිළිකා රෝගයට 2020 වර්ෂයේ දී ගොදුරු වීම නිසයි.වෙන කාටත් වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙච්චි ඇයට  මේ වගේ ලෙඩක් වැළඳුණ ද කියලා තමයි හැමෝම මුලින් ඇහුවේ.

කොහොම නමුත් ඒ කාල සීමාවේදී ඉක්මනින්ම මේ රෝගී තත්ත්වය අඳුන ගත්තු නිසා ඇයට හැකියාව ලැබුණා සුව වෙන්න ප්‍රතිකාර ලබාගන්න.හැබැයි දැන් තත්වය ඊටත් වඩා වෙනස් වෙලා.ඇය සුව වෙන්න ප්‍රතිකාර ලබා ගත්තත් නැවත වතාවක් මේ වර්ෂයේ වර්ෂයේදී සිදු කරපු පරීක්ෂණ මගින් ඇය පිළිකාමය රෝගී තත්ත්වයට ආයෙමත් සැරයක් ගොදුරු වෙලා කියලා තමයි වෛද්‍යවරුන් තීරණය කරන්නේ.මේක හරි හරිම අවාසනාවන්ත කතාවක්.

වර්තමානය වන විට රටේ පිළිකා රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන බෙහෙත් ඖෂධ වල හිඟයක් තියෙනවා.ඒ ප්‍රශ්නෙට සුසන්තා චන්ද්‍රමාලි මහත්මියත් විදිහටම මුහුණ දීලා අවසන්.අන්න ඒ නිසාම පසුගිය දින ඇය පිළිබඳව මේ සෝචනීය පුවත සමාජ මාධ්‍ය පුරාම ප්‍රචාරය වුණා.ඒ ඇයගේ ආදරණීය හිතවතියක් ඇයට හයියක් වීමට දැමූ සටහනක් නිසා.

මේ අතරවාරයේ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිගේ මේ සටහන ඇගේ සමාජ මාධ්‍යවල පළ කරමින් මෙසේ සඳහන් කරලා තිබුණා.

“අපි හැමොම එකතු වෙලා උදව් කරමු. මෙ අපෙ කාලා තරැවක් අනෙ පිං සිද්ද වෙයි පුලුවුන අය පිහිට වෙන්න මදි සියලුම සල්ලි මම ඇයට දෙන්නම්.”

සමන් කුමාර ලියනගේ නම් අයෙක් මුහුණුපොතෙන් සුසන්තා චන්ද්‍රමාලිව ටැග් කරමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

එම සටහන පහතින්,

ආදරණීය ඔබට

ජනප්‍රිය එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පිළිබඳව ….පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී …

1එතුමිය නැවතත් රෝගී තත්ත්වයට පත්වී ඇති බව සහ ඊට ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් ආධාර අවශ්‍ය බව..(ලබාදිය යුතු එක් එන්නත ක මිල ලක්ෂ අටකට ආසන්නය)

2 ආධාර ලබාදීමට පියුමි හංසමාලි මහත්මිය ඉදිරිපත් වී ඇති බව

3 සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට දිවි සැරිය නිම කොට ඇති බව ..

මේ කරුණු තුනෙන් පළමු වන කාරණාව හැර අන් සියළු කාරණා අසත්‍ය බව කරුණාවෙන් සලකන්න ….මා අද දින උදේඇයට දුරකතනයෙන් කතා කළ අතර මේ ප්‍රචාරයත් නිසා ඇය දැඩි මානසික කම්පනයකට පත්ව ඇත ..මේ කරුණ සම්බන්ධයෙන් ඔබට පෞද්ගලික මතයක් ඇත…එය ඔබගේ අයිතියයි…නමුත් ඇය රෝගී බව සත්‍යයක් …එසේ හෙයින් ඇයගේ ධෛර්යය වර්ධනය වන ආකාරයේ දේවල් පමණක් සටහන් කිරීම ඔබගේ මානුෂික ගුණාංග යන්න ඉස්මතු කිරීමකි ….

piumi hansamali මහත්මිය බොහෝ අයට උදවු කරන තැනැත්තියකි …නමුත් මේ පලවන ප්‍රවෘත්ති අසත්‍ය යැයි මා පවසන්නේ පියුමි මහත්මිය විසින් පවුලේ කවරෙකුට හෝ මේ වන තෙක් මේ බව දැනුම් දී නොමැති වීමයි ….එසේ ඇය මේ සඳහා ඉදිරිපත් වූයේ නම් එය මහත් අස්වැසිල්ලක් සේම පුණ්‍යකර්මයකි ….තාමත් එය නිල වශයෙන් දැනුම් දී නොමැති පරිසරයක….මේ ප්‍රවෘත්තිය තව තවත් ප්‍රචාරය කිරීමෙන් වන්නේ සුසන්ත මහත්මියට ලැබෙන ආධාරයක් වැළකී යාමකි ……

තමන්ගේ චැනලයට හෝ page එකට ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අවර ගණයේ උත්සාහයන් නොගන්නා ලෙස ඒ පිරිසගෙන් ගෞරවයෙන් ඉල්ලමි …..ඇය තවමත් ජීවිත සටනේ යෙදී සිටින බවත් ..ඊට අප හැමගේම සහය අවශ්‍ය බවත් වගකීම් සහිතව ප්‍රකාශ කරමි …….කලාකරුවන් ලෙස ඉතා ඉක්මනින් වැඩ පිළිවෙලක් සකස් කිරීමට අප උත්සාහ ගනිමින් සිටී…..තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකියි සහාය පිළිබඳව පිළිබදව මා දැනුවත් කරන්න ..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: