hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 3:49



දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබෙනවා.

එසේ පැමිණි තමන්ව සිසු දරුවන් ආදරයෙන් වැළඳගත් බව ද එම ගුරුවරියන් සඳහන් කරනවා.

වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුරුවරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණා.

රට තුළ පවතින ආර්ථික ගැටලු හා ප්‍රවාහන දුෂ්කරතා ආදිය සමඟ සාරියෙන් සැරසී වෘත්තියට යාම අපහසු බවත්, රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති නිසා එම අවසරය මත මෙම පියවර ගත් බවත් ඔවුන් සඳහන් කර තිබුණා.

ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස් කිරීමට තීරණය නො කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉකුත් දිනක දී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

සබැඳි පුවත් – සාරිය, ඔසරිය ඉවත දමා අද උදේම සැහැල්ලු ඇඳුමෙන් පාසල් ආ ගුරුවරු (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: