hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 09, පෙ.ව. 10:28



The Voice Sri Lanka Season 2 ගැන ඔබට අමුතුවෙන් විස්තර කරලා දෙන්න ඕනේ නැහැ.

මේ වෙනකොට හැමෝම දන්නවා එම වැඩසටහනේ විනිශ්ය මණ්ඩලය ගැන.

එහි විනිශ්ය මණ්ඩලය විදියට කටයුතු කරන්නේ භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ, ශෂිකා නිසංසලා සහ කසුන් කල්හාරයි.

ඉතින් මේ සතියේ විකාශය වූ The Voice Sri Lanka Season 2 වැඩසටහනේ හරි අපූරු සිදුවීමක් වෙනවා.

ඒ එන්න මද නලේ ගීතය ගායනා කළ යොවිදු සංජුන සිය ගීතය අවසානයේ සිදු කළ කතාවයි.

තම හොඳම මිතුරා සහයට පැමිණි යොවිඳු තරඟයේ ඉදිරියට යන විට ඔහුගේ හොඳම මිතුරා තරගයෙන් ඉවත් වී තිබෙනවා.

පසුව ඔහු යොවිඳු සමඟ යම් විරසකයක් ඇති වී තිබෙනවා.

පසුව උමාරියා සිංහවංශ ඔහුගේ සිත සනසා ඔහුගේ මිතුරාගෙන් ඉල්ලා සිටියේ ඔහු සමඟ තරහ අමතක කර නැවත එකතු වෙන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: