hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:02



නිකිනි පොහොය දිනයේ ගෝසිංහ වන අරණේ ආරාම පූජාව බොහෝ කතාබහට ලක් වූ දෙයක් වුණා.

තම දේපල, ව්‍යාපාර සියල්ල විකුණා එම මුදලින් යශෝධරා මෙහෙණි ආරාමය නමින් ආරාමයක් තැනීමට ඔවුන් කටයුතු කර මුළු පවුලම සාසනයට ඇතුළත් වුණා.

නමුත් ගැටීම ආරම්භ වන්නේ ඉන්පසුවයි.

කුඩා දරුවෙකු තනි කර දෙමව්පියන් සසුන් ගත වුණා කියමින් බොහෝ දෙනා විවේචන ඉදිරිපත් කළා.

නමුත් තව නොබෝ දිනකින් එම දරුවාත් සාසනයට ඇතුළත් කර ගන්නා බවත් සමාජ මාධ්‍ය තුළ පළ වුණා.

ඔබ සොයන මෙම කතා නායකයා මේ වනවිට සිටින්නේ ගෝසිංග වන අරණ ආරණ්‍ය සේනාසනයේයි.

එනම් ඔහුගේ මෑණියන්ගේ තුරුලේයි.

එහෙත් දැන් ඇය සාමාන්‍ය මවක් නොව භික්ෂුභාවයට පත් මවක් හෙවත් මෙහෙණින් වහන්සේ නමකි.

“මෙහෙණින් වහන්ස දැන් ඔබගේ දරුවාගේ ජීවිතයට මොකද වෙන්නේ” ඒ එම ප්‍රශ්නයයි.

“මගේ පුතාට තාම අවුරුදු හතරයි. එයා තාම පොඩියි. එයත් කැමැත්තෙන් ඉන්නවා සසුන්ගත වෙන්න. ඒත් එයා පොඩි හින්දා තාම එයාව මහණ කරන්න බෑ. මොකද එයාට විකාල භෝජන ශික්ෂා පදය රකින්න තවම අමාරුයි. පොඩි නිසා සැරින් සැරේ පුතා කෑම ඉල්ලනවා. එනිසා අපි ලොකු හාමුදුරුවන්ටත් ඒ බව දැනුම් දීලා අපි දැන් ඔහුව ඒ සඳහා සූදානම් කරනවා. ඒකට ටික කාලයක් ගතවෙයි. දැන් එයා ආරණ්‍යයේ සතුටින් ජීවත් වෙනවා. එයා සෙල්ලම් කරනවා. සාමාන්‍ය විදිහට එයා ඉන්නවා.”

“එතකොට මෙහෙණින් වහන්ස, ඔබගේ දරුවාගේ අධ්‍යාපනය කොහොමද?”

“මං ගුරුවරියක්. ඒ නිසා මට ළමයාට උගන්වන්න පුළුවන්. අද මොන්ටිසෝරියකට යැව්වත් කරන්නේ චිත්‍ර පාට කරන එකනේ. මං එයාට අකුරු කියලා දෙනවා.

එම දරුවා පැවිදි කිරීමෙන් පසුව පිරිවෙන් අධ්‍යාපනයකට යොමු කරනවාද?

“නැහැ. පිරිවෙන්වල මෙන්ම අපේ කැම්පස්වලත් භික්ෂුන් වහන්සේ හිටියා ධර්මානුකූල හැසිරීම් නැති. අනෙක අපි පැවිදි වෙලා ඉන්නේ. අපිට බාහිර අධ්‍යාපනයක් වුවමනා නෑ. අපේ අරමුණ ධර්මය ඉගෙන ගැනීමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: