hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 28, ප.ව. 12:11



බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ අමානුෂිකව සලකනවා යැයි පවසමින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පසුගිය 06 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස දක්වමින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අසාමාන්‍ය පරීක්ෂා කිරීම් හමුවේ තිළිණි ප්‍රියමාලිගේ රහස් ප්‍රදේශවලට තුවාල සිදුව ඇති බවයි.

පසුගිය 05 වනදා රාත්‍රියේ සැකකාර තිළිණි ප්‍රියමාලිව රඳවා සිටින සිර කුටියට පැමිණි බන්ධානාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ඇඳුම් උණා දමන ලෙස අණ කර ඇති බවත්, සැකකාරිය විසින් යම් දෙයක් රහසේ සඟවා සිටින බව නිරීක්ෂණය සඳහා විදුලි පන්දම් ආලෝකය නිකුත් කර ඇති බවත්, අදාල අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවත් සැකකාරියගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් මුදාහැරි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මෙසේ සඳහන් කළා.

“ඒක එලියට වාර්තා වුණ තරම් බරපතළ කාරණාවක් නෙවෙයි. මම හිතන්නේ ඔය කතා කරන්නේ බන්ධනාගාරය ඇතුලත දී ඇතිවුණ මාව සර්ච් කරන වෙලාවෙ ඇතිවුන දේ ගැන වෙන්නැති කතා කරන්නේ. ඒක මාධ්‍යයේ ගිය තරම්ම බරපතල කාරණාවක් නෙවෙයි. ඒවා අපිට කතා කරගෙන විසඳගන්න පුලුවන් තරමේ කාරණා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: