hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 6:24



මෙරට අප්‍රකට කෝටිපතියන් රැසක් රවටා රුපියල් බිලියන ගාණක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ඉතා සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, කලාකරුවන්, පොලිස් ලොක්කන් ඇතුළු සමාජයේ වැදගත් යැයි සඳහන් පුද්ගලයන් රැසක් සමඟ ඇය හුදෙකලාව අනඟ රැඟුම් පෑ හැටි ගැන බොහෝ තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ හෙළි වෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළ බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

‘හිතා ගන්නවත් බැරි පුද්ගලයෝ ගැන හොඳ හොඳ දේවල් සී.අයි.ඩී. එක මතු කර ගනිමිනුයි ඉන්නේ’ යැයි උසස් පොලිස් නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී සඳහන් කළේ යනුවෙන් එම පුවත්පත් වාර්තාවේ සඳහන් වනවා.

මේ ගැන තොරතුරු හෙළි වෙමින් ඇත්තේ ඇගේ ජංගම දුරකතනය ඇතුළු පරිගණක උපාංග විශ්ලේෂණයේ දී බව ද පොලිස් තොරතුරු අනාවරණය කළ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මේ දේවල් ඇය පටිගත කරගෙන තබගෙන ඇත්තේ ඇයට ඒ අයගෙන් උදවු වුවමනා අවස්ථාවල දී බ්ලැක්මේල් කර ඇයට අවශ්‍ය දේවල් කර ගැනීමට බව විමර්ශනවල දී හෙළි වී තිබෙන බවත් එහි සඳහන් වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: