hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 23, පෙ.ව. 5:46



මහා පරිමාණ මුදල් වංචාවක යෙදුණු බව කියන තිළිණි ප්‍රියමාලි මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

ඇය මෙලෙස වංචා කළ මුදල රුපියල් කෝටි 350කටද අධිකයි.

ඒ, දැනට ඇයට එරෙහිව ලැබුණු පැමිණිලිවලට අනුවයි.

ඇයට මේ ඉරණම අත්වන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු තිළිණි ප්‍රියමාලිට එරෙහිව සිදුකරනු ලැබූ මුල් පැමිණිලි දෙකක් නිසායි.

තිළිණි එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ තිළිණිගේ ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කොට ඇය එම මුදල්වලට වංචා කළ බව සඳහන් කරමින් ව්‍යාපාරිකයන්, ‍දොස්තරවරුන්, හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු කිහිපදෙනකුම තිළිණිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කළා.

ඒ අනුව මේ වනවිට තිළිණිට එරෙහිව පැමිණිලි 12ක් රහස් පොලිසියට ලැබී ඇති අතර පැමිණිලිවල සඳහන් ආකාරයට තිළිණි වංචා කළ බව කියන මුළු මුදල රුපියල් කෝටි 350කට අධිකයි.

තිළිණිගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තද එම ප්‍රකාශයේ රුපියල් කෝටි 350කට වූ දේ නිවැරැදි ලෙස ඇය පවසා නැති අතර ව්‍යාපාරිකයන්ගේ පැමිණිලි මත තිළිණි සමඟ මෙම ගනුදෙනුවල නිරත වූ ඇගේ පෙම්වතා ලෙසත් ඇගේ සැමියා ලෙසත් සම්බන්ධ වුණු ඉසුරු බණ්ඩාර නමැත්තා වෙත අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ ඉන් පසුවයි.

ඊට හේතුව වූයේ තිළිණි මෙම පැමිණිලිකරුවන්ගෙන් මුදල්, රන් ආභරණ ලබාගන්නා අවස්ථාවලදී ඉසුරු බණ්ඩාරද ඇය සමඟ සිටි නිසායි.

එබැවින් රුපියල් කෝටි 350කට වූ දේ සොයන්නට ඉසුරු බණ්ඩාරද රහස් පොලිසිය වෙත කැඳවනු ලැබුවා.

ජා-ඇළ ගෙදර බුදුපිළිමයට සතියට රුපියල් ලක්‍ෂ 3ක නෙළුම් මල් එයා පූජා කරනවා. ගුරුකම් වැඩවලට සුරදාන්න සල්ලි වියදම් කරනවා. මායා ජාලය චිත්‍රපටයේ මුහුරත් උළෙලට ලක්‍ෂ 350ක් වියදම් කරලා තිබෙනවා. ප්‍රවර්ධන කටයුතුවලට ලක්‍ෂ 55ක් වියදම් කරලා ලෝක වෙළෙඳපළේ කාර්යාලයේ සේවකයන්ගේ වැටුප්වලට මාසෙකට ලක්‍ෂ 41ක් දීලා. මෙයාට එරෙහිව ලක්‍ෂ 873ට අදාළව තව පැමිණිලි තුනක් රුපියල් ලක්‍ෂ අටක් වටිනා රන් මාලයක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් කිලෝවක් සම්බන්ධයෙන්ද රහස් පොලිසියට පැමිණිලි ලැබිලා තියෙනවා.

ඒ වගේම මෙයා ගමන්බිමන්වලට, අඳින පලඳින ඇඳුම්වලට පාවිච්චි කරන රූපලාවණ්‍ය උපකරණවලට විශාල වියදමක් කරනවා. මෙයා තොල් ආලේපනයක් සඳහා එකක් රුපියල් 45,000කට මිලදී ගන්නවා. ඒ වගේ ඇස්වල පිහාටු අලංකාර කරන්න මස්කාර එකක් සඳහා 75,000ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම නිය අලේපනයක් රුපියල් 40,000ක් දීලා මිලදී ගෙන තියෙනවා. උත්සවයකට අඳින සාරියක් රුපියල් 50,000කට වඩා අධිකයි. ඒ වගේම අපිට තොරතුර ලැබුණු සතියට වරක් තිළිණි ගස්ලබු, කෝපි සහ ඉඟුරු මිශ්‍රණයක් හදලා ඒ මිශ්‍රණය සිරුරේ ගාගෙන පැයක් විතර ඉඳලා පස්සේ නැවුම් කිරිවලින් නානවා කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: