hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 7:03



මහා පරිමාණ මුදල් වංචාවක යෙදුණු බව කියන තිළිණි ප්‍රියමාලි මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

ඇය මෙලෙස වංචා කළ මුදල රුපියල් කෝටි 350කටද අධිකයි.

ඒ, දැනට ඇයට එරෙහිව ලැබුණු පැමිණිලිවලට අනුවයි.

ඇයට මේ ඉරණම අත්වන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු තිළිණි ප්‍රියමාලිට එරෙහිව සිදුකරනු ලැබූ මුල් පැමිණිලි දෙකක් නිසායි.

තිළිණි එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ තිළිණිගේ ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කොට ඇය එම මුදල්වලට වංචා කළ බව සඳහන් කරමින් ව්‍යාපාරිකයන්, ‍දොස්තරවරුන්, හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු කිහිපදෙනකුම තිළිණිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කළා.

ඒ අනුව මේ වනවිට තිළිණිට එරෙහිව පැමිණිලි 12ක් රහස් පොලිසියට ලැබී ඇති අතර පැමිණිලිවල සඳහන් ආකාරයට තිළිණි වංචා කළ බව කියන මුළු මුදල රුපියල් කෝටි 350කට අධිකයි.

“හිතා ගන්නවත් බැරි අයගේ තොරතුරු දැන් එළියට එන්න පටන් අරගෙනයි තියෙන්නේ. “ යැයි ඒ ගැන පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

එම උසස් පොලිස් නිලධාරියා නම් කියන්නේ ඇගේ රූපයට වශීවී ඇගෙන් ලිංගික පහස ලැබීමට දණින් වැටුණු බොහෝ අය ගැන තොරතුරු ඉදිරියට එළියට එනු ඇති බවයි.

ඇයත් සමඟ එසේ ශෘංගාරාත්මක වූ බොහෝ අය අද සිටින්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසින්.

ඇය සමඟ හෝටල්වලට ගොස් ශෘංගාරයෙන් මත් නොවූවත් ඇගේ රූපයටත් ධනයටත් වහ වැටී ඇයව ඉතා සමීපව ඇසුරු කළ පොලිස් ලොක්කෝද නැත්තේම නැත.

ඒ අය ගැන බොහෝ තොරතුරු දැන් එකින් එක එළියට එමින් ඇත්තේ ඔවුන් හැඳ සිටින රෙදි පවා ගැලවෙමින්.

ඇය සමඟ ශෘංගාරව සමීපව සිටි අය අතර දේශපාලනඥයන් කිහිප දෙනෙකු ගැන තොරතුරුද දැන් ඇත්තේ එළියට එමින්.

ඒ අය අතර සිටින එක් දේශපාලනඥයෙක් ඇගේ පටි රෝල්කරමින් සිටින්නේ ඇය ඔහුට ලොකු ගාණක පොල්ලක් තබා ඇති බැවින්.

හෙළිවන ආකාරයට අනුව ඇය ඔහුට තබා ඇති පොල්ල රුපියල් කෝටි සියයකට කිට්ටුයි.

හැබැයි ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ නම් එයින් දහයෙන් පංගුවක් තරම් වූ අඩු මුදලක් පමණි.

ඇය ඔහුව අල්ලා ගෙන ඇත්තේ එකී දේශපාලනඥයා සමඟ තරු පන්තියේ හෝටල් කාමරවල රිංගමින්.

එසේ කාමරවලට රිංගා පෑ සෙල්ලම් ද දැන් එකින් එක එළියට එමින් ඇත්තේ ඉදිරියේදී ඔහුගේද රෙදි ගැලවෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: