hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 6:53



තිළිණි ප්‍රියමාලිගේ තිකෝ සමූහ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල වෙනුවෙන් එහි හිමිකරුට ගෙවීමට ඇති කෝටියකට ආසන්න කුලී මුදලක්ද ගෙවා නොමැති බව වාර්තා වනවා.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.

තවද ඇය විසින් හෙළිකොප්ටර් මගින් කතරගම ගොස් තිබෙන බවත් ඒ එක් ගමන්වාරයක් සඳහා ලක්ෂ 10කට අධික මුදලක් වැය කර තිබෙන බවත් සඳහන්.

මුල්‍ය වංචා චෝදනා එල්ලවී තිබෙන මෙම තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී තිබෙන පැමිණිලි 11 සම්බන්ධයෙන් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයෙක් අධ්‍යක්ෂිකාවක් බව පවසන ජානකී සිරිවර්ධනගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: