hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 6:53



තිළිණි ප්‍රියමාලි සිදුකර ඇති බව පැවසෙන මූල්‍ය වංචාවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 128 කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇය සිදු කළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 12ක් ලැබී ඇති බවයි.

මේ අතර ආයෝජනය කර  වැඩි ප්‍රථිලාභ ලබා දෙන බවට පවසා පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය රුපියල් කෝටි 4ක මුදලක් වංචා කළ බවට පවසමින් මොරටුවේ ව්‍යාපාරිකයකු විසින් ඊයේ (27)  ඇයට  එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාගේ පිළිමතලාවේ නිවසේ තිබී රත්‍රං පොලු 8ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මවගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

 ඔහුගේ මව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙම ප්‍රකාශයට සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අතර තිළිණි ප්‍රියමාලි සමග නිතරම  සමීපව කටයුතු කළ ඔහුගේ සහයකයෙක් ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මුල්‍ය හා වාණිජ  කොට්ඨසායේ ඇතුලු එහි  ඒකක 6 ක්  ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: