hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 15, පෙ.ව. 6:53



මේ දිනවල බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි සිය ව්‍යාපාරික කටයුතු ගැටලුවකින් තොරව සිදු කරන සමයේ කළ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබෙනවා.

එහිදී ඇය සිය දේශනය සිදු කරන අවස්ථාවේ ප්‍රබල දේශපාලඥයන් ගණනාවක් මෙන්ම ප්‍රබල හිමිවරුන්ද ප්‍රභූ පුද්ගලයන්ද එහි සිටිනු දැකගත හැකි වෙනවා.

එහි ඔහුගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර නමැති අයද එහි වෙනවා.

එම උත්සවය ඉසුරු බණ්ඩාරගේ උපන්දිනය වෙනුවෙන් දිළිඳු පාසලකට උදව් උපකාර කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකි.

ආයෝජනය කර වැඩි ප්‍රථිලාභ ලබා දෙන බවට පවසා පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලු‍ත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළා.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,

https://youtu.be/yIutBn7jVTE




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: