hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 5:47



කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ Thico Group of Companies (Pvt) Ltd නමින් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය ඔක්තෝබර් 05 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ දෙනකු රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා නඟමින්.

රුපියල් මිලියන 22කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු සිදුකරන ලද පැමිණිල්ලක් මත ඇය අත්අඩංගුවට ගැනුණු අතර, ඇය විසින් අයථා ලෙස උපයා ඇති මුදල රුපියල් කෝටි දෙසීයකට අධික බව මාධ්‍ය වාර්තා කළා. 

තිලිණි ප්‍රියමාලි සිය ව්‍යාපාරික කටයුතු ගැටලුවකින් තොරව සිදු කරන සමයේ කළ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබෙනවා.

එහිදී ඇය සිය දේශනය සිදු කරන අවස්ථාවේ ප්‍රබල දේශපාලඥයන් ගණනාවක් මෙන්ම ප්‍රබල හිමිවරුන්ද ප්‍රභූ පුද්ගලයන්ද එහි සිටිනු දැකගත හැකි වෙනවා.

එහි ඔහුගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර නමැති අයද එහි වෙනවා.

එම උත්සවය ඉසුරු බණ්ඩාරගේ උපන්දිනය වෙනුවෙන් දිළිඳු පාසලකට උදව් උපකාර කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක්.

එහිදී තිලිණි ප්‍රියමාලි අදහස් දක්වමින් සඳහන් කරන්නේ තමන් කොළඹ දැක නොමැති බවත් තමන් ටිකක් ලොකු වුණ පසු කොළඹට පැමිණි බවත්ය.

තමන් තමන්ට යා යුතු මාවත සොයා ගත් බවත් තමාට එය සිදු කිරීමට හැකි නම් මෙතැන සිටින දරුවන්ට එය සිදු කළ හැකි බවද සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: