hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 29, පෙ.ව. 6:01



රූපවාහිනී කතාමාලාවක රූගත කිරීම් අතරතුරදී නිළියක්  සියදිවි නසාගෙන තිබෙනවා.

විසි හැවිරිදි තරුණ ඉන්දීය රංගන ශිල්පිණියක් වන ටූනීෂා ෂර්මා මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගතකිරීමකට සහභාගි වී සිටින අතරතුරදී බවයි වාර්තා වන්නේ.

2002 ජනවාරි 04 වන දින ඉන්දියාවේ චන්දිගාර් හි මධ්‍යම පාන්තික පන්ජාබි පවුලක උපත ලැබූ ඇය  සිය රංගන ජීවිතය සඳහා තරුණ වියේදීම මුම්බායි වෙත පැමිණ තිබුනා.

රූපගත කිරීම් අතරතුර නාන කාමරයට යාමට අවශ්‍ය බව පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇය වේශ නිරූපන කාමරය දොරගුළු ලා නාන කාමරය තුළ සිට ඇති අතර බොහෝ වෙලාවකින් නොපැමිණීම හේතුවෙන් දොර කඩා බලන විට ඇය එහි ගෙල වැල ලාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝහලට රැගෙන යනවිටත් ඇය  මියගොස් සිට තිබෙන අතර මෙම සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් ඇයගේ සම නළුවා වන ෂීසන් මොහොමඩ් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ටූනීෂා ෂර්මා අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයේ රජකුමරිය අහංකාරා ලෙස රංගන දායකත්වය ලබා දුන් අතර එතැන් සිට, ඇය සංදර්ශන සහ බොලිවුඩ් චිත්‍රපට ගණනාවකට එක්වී තිබෙනවා.

ටුනීෂා ෂර්මා ඇයගේ මරණයට පැය කිහිපයකට පෙර දර්ශන තලයේ ඡායාරූප පෙළක් පල කර Instagram සටහනක් තබා තිබෙනවා.

 “තමන්ගේ ආශාවන් විසින් මෙහෙයවන පුද්ගලයෝ නතර නොවෙති“

View this post on Instagram

A post shared by Tunisha Sharma (@_tunisha.sharma_)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: