hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:51



වීදී සුනඛයෙක් විදිහට කුවෙට් රටේ ඉපදිලා කුඩා කාලයේ ඉදලම මහල් නිවාසයක අපේ රටේ කාන්තාවක් යටතේ හැදී වැඩිලා අසල් වැසියන්ගේ ඉල්ලීමකට අනුව එම රජයට සිදු වෙනවා පුංචි රොස්කොව මරණයට නියම කරන්නට.

ඉතින් එම සුනකයාගේ භාරකරුට දවස් 20ක් ලබා දෙනවා එම රටේ නීතිය අනුව මොහුව ඉවත් කරන්නට.

කුවේට් රටේ නිතියට අනුව ඒ රටේ පුරවැසියන්ට පමණයි සුරතලුන් ඇති කරන්න අවසරය ලැබෙන්නේ.

ඒ අනුව ඇය මුහුණු පොතේ සටහනක් පල කරනවා මගේ දරුවව බේරා දෙන්න කියලා.

ඒ අනුව මේ සටහන දැකපු අපේ රටේ ඉන්න තවත් ආදරණීය හදවතක් හිමි ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය මේ සුනඛයාව බේර ගන්න උදව් කරනවා.

මේ සදහා ලොකු මුදලක් වැය වෙන බව දැන දැනත් එතුමිය දන්න හැමෝටම කතා කරලා ලොකු සහයෝගයක් ලබා ගනිමින් රොස්කොව අපේ රටට ගෙන්න ගන්නවා.

ලක්ෂ 13ක් වැනි ප්‍රමාණයක මුදලක් හොයා ගන්න පුලුවන් වෙනවා.

ඉතින් එතුමිය සදහන් කරන්නේ රුපියල් සීය දෙසීය වැනි මුදල් වලින් මේ රොස්කොව බේරගන්න ගොඩක් දෙනෙක් උදව් කලා.

ඒ හැමෝටම ගොඩක් ස්තූතියි කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: