hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 05, පෙ.ව. 6:27



හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා නමින් පසුගිය කාලය පුරා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි හා කතරගම දේව පූජා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයා කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ කිසියම් නිවසකදී ‘දේව පූජාවක්‘ කරන්නට ගිය අවස්ථාවක ඇතිවූ ගැටලුකාරී දේ සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා.

මෙම වීඩියෝවේදී වෙදමහතා යයි කියන පුද්ගලයා කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නට දැරූ උත්සාහයක් ගැන එකී කාන්තාව ඔහුට බැණවදින අතර පිරිසට මැදිවූ වෙද මහතා එම චෝදනාවට පිලිතුරු නොසපයා අසරණව සිටින්නේ පිරිස ඔහුට ඇන්දවූ චීත්තයෙනි.

එමෙන්ම පූජාව අතරතුර වෙදමහතා කතරගම දේව ආවේශයෙන් සිය සිරුරට වේවැලකින් තදින් පහර දෙමින් සිටියේ පිරිස රවටමින් බවට වීඩියොවෙන් හෙලි කරන්නේ වෙදමහතාගේ සිරුරේ අත්පා පුරා ගැට ගසා තිබෙන ආරක්ෂිත පෑඩ් කැමරාවට නිරාවරණය කරමින්.

දේව පූජාව කරන ස්ථානයේ පිරිස සැඟවූ ඌරු මස් කොටසක්ද එළියට ගන්නා අතර ඔවුන් වෙදමහතාගෙන් විමසන්නේ ‘කිලි‘ යයි සම්මත දේවල් කතරගම දෙවියන්ට නොපෙනුනාද යනුවෙන්.

මෙම ප්‍රශ්න කිරීම් හමුවෙහි වෙදමහතා විවිධ පිලිතුරු දෙන ආකාරය හා ඇතැම්වාට නිරුත්තර වන අයුරු වීඩියෝවෙහි දැක්වෙනවා.

මෙම වෙදමහතා ‘දියසෙන්‘ ලෙසින් එලියට පැමිණ දේශපාලනයට එන්නට හදන කතාවක්ද වීඩියෝවේ ප්‍රචාරය වෙනවා.

මෙම වීඩියෝවේ එන බරපතල චෝදනාවන්ට තවම වෙද මහතා පිළිතුරු සපයා නැති නමුත් ඔහු ‘තමන් පැහැරගත්තේ යයි පොලිසියට කියා ඇති බවත් පරීක්ෂණ වලට බාධාවක් වන නිසා ඒ ගැන කිසිදු ප්‍රකාශයක් නොකරන බවත්‘ යූටියුබ් නාලිකාවකට පවසා තිබෙනවා.

මෙම වීඩීයෝව පසුගිය දෙසැම්බර් මහ අග සමාජ මාධ්‍ය තුළ පැතිරීමෙන් පසු මෙම වෙදමහතා තමන්ගේ අදහස් පළකරන්නට යොදාගන්නා යූටියුබ් නාලිකාව මගින් වීඩියෝ දෙකක් පළකර ඇති නමුත් මේ චෝදනා ගැන පැහැදිලි සඳහනක් කර නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: